www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නැව් නැති සමාගමකට ගැස් ප්‍රවාහන ටෙන්ඩරය දීලා… අමාත්‍ය මන්ඩලය නොමග යවලා…


2022-05-07 08:29:39 -  170 යි

මෙරටේ තෙල් සහ ගැස් ලබා ගැනිමට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කලක් සිට අනුමගමනය කරයි. මීට අමතරව අව්‍යාශතාවය අනුව ක්ෂනික මිලදි ගැනිම් (Spot purchasing) ද සිදු කරයි. මෙහිදී සිදුවන්නේ පෙට්‍රරල් සහ LP ගැස් මිලදි ගැනීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමක් සිදු නොකර අතර යම් කාලයකට අව්‍යාශ පෙට්‍රරල් හෝ ගැස් තොග මෙරටට ගෙන ඒම සදහා නැව් ගාස්තු ඇතුලු රක්ෂණ සදහා ප්‍රවාහන ටෙන්ඩර් කැදවිමකි. ඊට ප්‍රධාන හේතුව පෙට්‍රරල් නම් පවතින OPEC මිලට ගත යුතු අතර ගැස් නම් Saudi Aramco මිලට ගත යුතුය. ඒ අනුව බොහෝ දුරට ටෙන්ඩර් කරනු ලබන නැව් ගාස්තුව සදහා පමනි.

එනම් එය ටොන් ඒකක් සම්පුර්ණ මිලදි ගැනිමෙන් සීයට 10% පමන වේ. උදාහරණයක් ලෙස මෙම් මැයි මාසය සදහා Saudi Aramco LP ගැස් මිල අමරිකානු ඩොලර් 850 කී නැව් ගාස්තු ඩොලර් 105කි. එකතුව ඩොලර් 955 කී.

ඉහත කරුණු අනුව ප්‍රවාහන ටෙන්ඩර්ය ලබාදීමේදී විශේසයෙන්ම ලිත්‍රෝ සමාගම බැවුම් පර්‍යන්තය (CBM) ඇතුලු කල හැකි ටොන් 4000 කුඩා නැව් අවම වශයෙන් 3 ක් වත් එම ටෙන්ඩරය ලබා ගන්නා සමාගම් සතු විය යුතු බවට ටෙන්ඩයේ පෝරමයේ සදහන් වේ. ඊට හේතුව සැම දින 4 කට වරක් නැවක් ගැස් රැගෙන කෙරවලපිටියේ ලිත්‍රෝ පර්‍යන්තය වෙත පැමිණිය යුතුය.

ලිත්‍රෝ අව්‍යාශතාවය මසකට මෙට්‍රික් ටොන් 30000 ත් 35000 පමන වේ. එනම් මසකට ලිත්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකම ගැස් සිලින්ඩරය කිලෝග්‍රෑම් 12.5 ලක්ෂ 25 ක් වත් වෙලෙදපොලට නිකුත් කල යුතුය.

එහෙත් මෙවර ටෙන්ඩර් ලබා ගත් තායිලන්ත සියාම් සමාගම් සහ එහි දේශිය නියෝජිතයයෙකු වන මොහොමඩ් ෆුවාඩ් මහතා කියා සිටියේ තම සමාගම් සතු ඊට සරිලන එකම නැවක් හෝ දැනට නොමැති වුවත් අව්‍යාශතාවය අනුව කුලියට ගැනීමට හැකි බවකී. නමුත් අමාත්‍ය මන්ඩලය මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුව හෝ Technical Evaluation Comitee විසින් දැනුවත් කොට නොමැත.

මින් ඉතා පැහැදිලි වනුයේ මෙම තත්ත්වයන් තුල ඩොලර් 10 ක් එනම් ඩොලර් 955 අඩු කල විට ඩොලර් 945 කට ගැස් මිලදි ගන්නවා කිවට ඉන් විශාල වාසියක් පාරිභෝගිකයාට නොලබෙන බවකි. එමෙන්ම මෙම තීරනයක් නිසා ඉදිරි මාසය තුලදී කිසිම ගැස් නැවක් මෙරටට නොලබෙන බව ඉතා පැහැදිලි ය.

පසුගිය සතියේ ඉදිරිපත් කල අමාත්‍ය මන්ඩල අනුමැතිය පරීක්ෂා කිරිමෙන් එය ඉතා පැහැදිලි වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com