www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නියෝජ්‍ය කථානායක ධුරය නැවතත් රංජිත් සියඹලාපිටියට


2022-05-05 13:17:12 -  450 යි

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද 148 ලබා ගනිමින් නැවතත් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තේරී පත්වුණා.

නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා වූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට හිමි වුණේ ඡන්ද 65ක් පමණයි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 3ක් බවට පත්වුණා.

ඒ අනුව වැඩි ඡන්ද 83 කින් නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත්වුණ අතර ඔහු මීට පෙරද නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළා.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නම සහ විපක්ෂය විසින් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ගේ නම යෝජනා කෙරුණා.

රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාලද සිල්වා මහතා ගේ යෝජනාවෙන් සහ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා .

ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ නම රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com