www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මයිනාගෝගම පේමන්ට් OK පාර NO - අධිකරණ නියෝගයක්


2022-05-04 16:31:58 -  141 යි

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව
මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම විරෝධතාකරුවන් හේතුවෙන් අවහිර වන බවට
පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබේ.

මේවන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.


"පදික වේදිකාව භාවිත කරන මහජනතාවට හා මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවට කරදර හා
බාධා නොවන ආකාරයට සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය බාධාවක් නොවන බවට
ද ආඥාකරමි." යනුවෙන් මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත්
සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් පදික වේදිකාවේ බස් රථ ගාල් කර තිබීම හේතුවෙන් මේ අනුව උද්ඝෝෂකයින් ගැටලුවකට පත්ව තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com