ලොව පුරා ක්‍රියාකාරී පරිශීලකයින් මිලියන 217 ක් සිටින මයික්‍රො බ්ලොග් අඩවියක් වන Twitter නූතන සන්නිවේදන මාධ්‍යයක් ලෙස වැදගත්කම අති විශාලය. ඇමරිකාවේ ජපානයේ හා ඉන්දියාවේ වැඩිම පරිශීලකයන් සිටින ට්විටර් වේදිකාව ප්රවෘත්ති දැනගැනීම හා නිදහස් අදහස් පළකිරීම අතින් අනෙක් සමාජ මාධය වේදිකාවන්ද අභිබවා ගොස් තිබේ.
දැනට ලොව ඉහළම ධනවතකු ලෙස වැජඹෙන Tesla ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් Twitter හි නව හිමිකරු බවට පත්ව ඇත. මෙම මයික්‍රො බ්ලොග් අඩවිය මිලදී ගැනීම සඳහා මස්ක් ඩොලර් බිලියන 44 ක ගනුදෙනුවක්, සිදු කර ඇත. ට්විටර් හි ස්වාධීන මණ්ඩලයේ සභාපති බ්‍රෙට් ටේලර් ඊයේ (25) දහවල් 12.24 ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මස්ක් සමඟ ගනුදෙනුව පිළිබඳ තොරතුරු ලබා දුන්නේය.
ඒ දක්වා ට්විටර් හි 9%ක වැඩිම කොටස් හිමිව තිබූ මස්ක් ට්විටර් හි විශාලතම කොටස් හිමියා විය. නවතම ගනුදෙනුවෙන් පසු ඔහුට සමාගමේ 100% ක කොටස් හිමිවන අතර Twitter ඔහුගේ පුද්ගලික සමාගම බවට පත්වනු ඇත.
ට්විටර් මිලදී ගැනීම සඳහා ඔහු ඩොලර් බිලියන 46.5 ක් මූල්‍යකරණය කළ බව මස්ක් පසුගිය සතියේ පැවසීය. මෙයින් පසු, ට්විටර් මණ්ඩලය මස්ක්ගේ ලන්සුව ගැන නැවත සිතා බැලීය. ඉරිදා, ට්විටර් මණ්ඩලයේ වැදගත් රැස්වීමකින් පසු මස්ක්ට ට්විටර් භාරදිමට එකඟවී ඇත.
මිලදී ගැනීමේ ගනුදෙනුව අවසන් වූ පසු, මස්ක් ට්වීට් කළේ නිදහසේ භාෂණය වෙනුවෙන් පෙනී සිටින ලෙසය. මේ සමඟම ඔහු Twitter unlock කිරීම ගැනද කතා කළේය.
Elon Musk ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකු වේ. ඔහු කතා කිරීමේ නිදහසට පක්ෂපාතී පුද්ගලයෙකි. මෙම සමාජ මාධ්‍ය වේදිකාවේ කතා කිරීමේ නිදහස තර්ජනයට ලක්ව ඇති බවත් එය ඇතිකිරීම සහතික කිරීමට තමාට අවශ්‍ය බවත් ඔහු ට්විටර් මිලදී ගැනීමට අදහස් කිරීමට හේතු ලෙස සඳහන් කළේය.