පාස්කු ප්‍රහාරයේ පුලස්තිනී සොයා මිනී වලවල් හාරයි..
|

2022-04-26 11:26:46
- 177
යි
අම්පාර - සයින්දමුරුදු ප්‍රදේශයේදී 2019 වසරේ අප්‍රේල් 26 වන දා සිදුවූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් හෙට දිනයේ දී යළි ගොඩගැනීමට නියමිත යි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැකකරුගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ හඳුනා ගැනීම සඳහා අදාළ සිරුරු කොටස් මෙලෙස ගොඩගැනීමට නියමිත බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සිරුරු කොටස් ගොඩගැනෙනවා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|