ස්වාධීන රූපවාහිනී සේවයේ දහවල් කාලයේ විකාශය වන මියුසික් ඇට් 11 සජීවී වැඩසටහනට සම්බන්ධවූ ප්‍රේක්ෂකයෙකු පළ කළ අදහස් දැක්වීමක් ආන්දෝලනයට තුඩුදී තිබේ.
ගීත ඉල්ලීම් වැඩසටහනක් වන මෙය නිවේදිකාවක හා නිවේදකයෙකු ඉදිරිපත් කරන අතර එයට ගීතයක් ඉල්ලීම සඳහා සම්බන්ධවූ පුද්ගලයෙකුගෙන් නිවේදිකාව විමසන්නේ දැන් සැප සනීප කොහොමද කියාය. ඔහු ඊට දැන් නම් හොඳටම සැපයි කියන්නේය.
ඊළඟ සිංදුවට ඔබ කාවද එකතු කරන්නේ කියූ විට එම පුද්ගලයා පවසන්නේ ‘නාකි මයිනෙකුයි.. තටු හැලිච්ච කපුටෙකුයි..‘ ලෙසිනි. ඔහුට ඉන් එහාට දේවල් කියන්න නොදී දුරකථන ඇමතුම අභ්‍යන්තරයෙන් විසන්ධි කෙරෙන අතර මේ කිසිවක් සිදු නොවූ ගාණට නිවේදිකාව හා නිවේදකයා ඊළඟ සිංදුවට යොමුවේ.
අදාළ වීඩියෝ කොටස පහතින්