www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරයට අදට වසර 03යි


2022-04-21 08:14:37 -  137 යි

පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට වසර 3ක් ගත වනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

එමෙන්ම, කොළඹ, තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.

තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා.

අද වැනි දිනෙක එල්ල වූ මෙම කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය සිහිපත් කරමින් සහ ඊට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තෙවර්ෂ පූර්ණයේ ප්‍රධාන සැමරුම අද පැවැත්වෙන්නේ ප්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් වන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදියි.

මෙම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති හිමිපාණන්, පූජා ප්‍රසාදීවරුන්, මහා සංඝරත්නය, ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තුවාල වූ අයගේ පවුලේ සාමාජිකයන් සහභාගිවීමට නියමිතයි.

ඉටි පන්දම් දැල්වීම සහ දේවස්ථානයේ සීනු නාද කිරීමෙන් අනතුරුව විශේෂ දේව මෙහෙයක් මෙහිදී පැවැත්වෙන්නේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම තවත් සැමරුමක් කටුවාපිටිය - ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වෙන අතර මඩකලපුව - සියෝන් දේවස්ථානයේ ද සැමරුමක් සංවිධාන කර තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඊට අදාළව පරීක්ෂණ ආකෘතීන් කිහිපයක් ක්‍රියාත්මක වූ අතර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඒ අතර ප්‍රධානයි.

එහි වාර්තාව මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර චූදිතයන්ට නීතිය නිසි පරිදි ඉටුවූයේ දැයි වාද විවාද පවතිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ මළවුන්ට යුක්තිය ඉටු වන තුරු ජීවත් වන්නවුන් උපේක්ෂාසහගතව බලා සිටින අතර යුක්තිය වෙනුවෙන් ශක්තිය ගොඩනගන බැතිමතුන්ගේ උත්සාහයට ද අදට වසර 3ක් ගත වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com