රඹුක්කන විරෝධතාව අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ ඒ ආශ්රිතව සිදු වූ අනෙකුත් සිද්ධි සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් පරීක්ෂණය මේ වන විට සිදු කෙරෙමින් පවතින බව එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු පවසයි.
දුම්රිය නිල නිවාස ආසන්නයේදී ගිනි තැබූ බව පැවසෙන ත්රිරෝද රථයේ රියැදුරා ද එහිදී සාක්ෂි ලබා දී තිබේ.
අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ත්රිරෝද රථයට ගිනි තබන ආකාරය තමන් ඇසින් දුටු බවට ඔහු මහේස්ත්රාත්වරයා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසූ බව ය.
එම අවස්ථාවේදී ඒ අසල තිබුණු කොස් ගසක් පිටුපසට වී සිටි තමන්ට පොලිස් නිලධාරීන් ත්රිරෝද රථයට ගිනි තබන අයුරු දැක ගැනීමට හැකි වූ බව ද ඔහු එහිදී ප්රකාශ කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් තවත් සාක්ෂිකරුවෙකු ප්රකාශ කර ඇත්තේ, විරෝධතාව අතරතුර වෙඩි තැබූ නිලධාරීන් තමන්ට හඳුනාගත හැකි බව ය.
කෙසේ වෙතත්, ඉන් තමන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මෙම අවස්ථාවේදී එය ප්රකාශ නොකරන බව ඔහු පවසා ඇත.
අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ, වෙඩි තැබීම් සිදු කළ නිලධාරීන් අතර රඹුක්කන පොලිසියට අයත් නොවන නිලධාරීන් ද සිට ඇති බවට එම සාක්ෂිකරු ප්රකාශ කළ බව ය.
මේ වන විට එම ස්ථානයේ ශ්රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරුන් විශාල පිරිසක් ද සිටින බව අප මාණ්ඩලික වාර්තාකරු වැඩිදුරට ත් පැවසීය.