පානදුර නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති බව අප වාර්තාකරු පවසයි.
ඊයේ (19) සිට පානදුර නගරයේ ත්රීරෝද රථ රියදුරන් ඔරලෝසු කණුව අසලින් මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වීය.
ඒ, ඉන්ධන මිල ඉහළ දැමීමට සහ ඉන්ධන හිඟයට විරෝධය දක්වමිනි.
අප වාර්තාකරු පැවසුවේ ප්රදේශවාසීන් එම ත්රීරෝද රථ රියදුරන්ට අදාළ ස්ථානයෙන් ඉවත්වන්නැයි ඉල්ලීම් කිරීමත් සමගම උණුසුම් තත්ත්වයක් වර්ධනය වූ බවය.
අනතුරුව ප්රදේශවාසීන් විසින් විරෝධතාවයේ නිරත පිරිසට පහරදී මාර්ගය විවෘත කර ඇත.