www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි - අයෙක් මරුට - තවත් සිවු දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතලයි.


2022-04-19 18:54:01 -  256 යි

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉන් අනතුරුව ජිව උණ්ඩ භාවිත කරමින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි කෑගල්ල රෝහල් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිවු දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.

සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කෑගල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර රඹුක්කන නගරයේ රැදි සිටින විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මේ වන විටත් දැඩි උණුසුම් තත්ත්වයක් මතුවී ඇති බව එහි සිටින අප වාර්තාකරු සදහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව වෙඩි හඩ ඇසෙන බවයි.


මෙම විරෝධතාව හේතුවෙන් අද උදැසන සිට කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර තවමත් එය යථා තත්ත්වයට පත් වී නැහැ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com