පොලීසියේ හා හමුදාවේ සාමාජිකයින් නිවාඩු පැමිණි පසු මරන්න ප්ලෑන් කල ගාල්ල නාගොඩ සුමුදු අත්අඩංගුවට
|

2022-04-07 08:14:52
- 1199
යි
පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝ පටයක් මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, 36 හැවිරිදි සැකකරු ගාල්ල - නාගොඩ - තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඔහු බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම පුද්ගලයා වසර 06ක පමණ සිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවද පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, ඔහු අවස්ථා කිහිපයක දී මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් කරාපිටිය, මුල්ලේරියාව වැනි රෝහල්වල ප්‍රතිකාර ලබා ඇති බවත්, පසුව රෝහලෙන් පළාගිය අයෙකු බවටත් අනාවරණ කරගෙන තිබෙනවා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|