දාම් පෙතේ ඉත්තෝ මාරුවෙයි - අලි සබ්රි මුදල් ඇමතිකම
|

2022-04-04 12:35:26
- 229
යි
මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය ධුර හතරක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය හිටපු අධිකරණ අමාත්‍ය අලි ශබ්රිට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව මහාමාර්ග අමාත්‍ය ධුරය හිටපු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ටත්, අධ්‍යාපන අමාත්‍ය ධූරය එම ධුරය දැරු දිනේෂ් ගුණවර්ධනටත් හිමිවී තිබෙනවා.
මීට අමතරව දිවුරුම් දී ඇති අනෙක් අමාත්‍යවරයා වන්නේ මහාචාර්ය ජී එල් පීරිස්.
ඔහු විදේශ අමාත්‍ය ධූරයේ නැවත වරක් දිවුරුම් දී තිබෙනවා.
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තවදුරටත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට මේ ලබා දී ඇති අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තවදුරටත් කටයුතු කරන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි,
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|