“ආදරණීය ....න්...! මට ඔයා නැතුව බෑ රත්තරන්..
හැමවෙලේම මතක් වෙනවා.”
“අනේ මට ආයෙමත් ඒ දවසට යන්න ඕනි.....”
පෙම් හසුන් ලියනවා කියන්නෙ ඒ කාලේ නම්...
පාට පාට පෑන් ටිකක් එකතු කරගෙන... හාර්ට් අලවලා.. ස්ටිකර් අලවලා.....
අන්න එහෙමයි...............
හැබැයි ! ඒ කාලේ වගේ නෙවෙයි නොවැ දැන්..
මේ කතාව අපිට ඇහෙන්නෙ කන්ද උඩරට පැත්තෙන්. මධ්‍යම පාංතික පවුලක්.. පවුලට හිටියේ එකම කෙල්ලයි.. කෙල්ල ඒලෙවල් ලියලා ඉවර වුණා විතරයි.... ගෙදරට වෙලා හිටියේ..
'කෙල්ල පව්.. පාලු ඇතිනේ... ෆෝන් එකවත් දෙන්න ඕනි..' අම්මා තමන්ගේ පාවිච්චියට තිබ්බ 'ජංගමයා'ව දුවට තෑගි දෙනවා.
'සැම්සුන්' ෆෝන් එක ආදරෙන් තුරුළු කරගත්ත දුව උදේ හවස මේ ජංගමයාව ඉඹිනවා.
ඔන්න අම්මට සැක හිතුණා.
දුරකතනය ආයෙමත් තමන් සන්තක කරගත්තා.
පව් !
කෙල්ල ඇත්තටම ඒ වෙද්දි ආදරවන්තියක්. ඕලෙවල් කාලෙ පටන් ගත්ත ආදරේ..... කොල්ලා කෙල්ලගෙම වයසේ.. ඒ ලෙවල් විභාගේ ලියන්න ආවා ගියාට පස්සෙ දෙන්නාට ගොඩක් දුක හිතිලා..
දෙයියනේ ආයේ කවදා කියලා හමුවෙන්නද ?
අම්මාගේ ස්මාර්ට් ගැලරියෙන් අයින් වුණාට පස්සෙ කෙල්ල ලියන්න ගන්නවා පෙම් හසුන්.. ඔව් පාට පෑන් පැන්සල්වලින්....
අහෝ දුකකි ! තිතකි !
දෝණියෑන්දා දවසක් දා ලියපු හසුන එහෙම්මම මේසේ උඩ තියෙද්දි 'දොයිය පතන්' වෙලා.
දෝණිගේ හොර හොයන්න ආපු අම්මා අර 'හසුන් පත' රහ කර කර කියවන්න ගත්තලූ.
"ආදරණීය ....න්...! මට ඔයා නැතුව බෑ රත්තරන්.. හැමවෙලේම මතක් වෙනවා. අපේ අම්මා දැන් ෆෝන් එක දෙන් නෑ, නැත්තම් ඔයාට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නවත් තිබ්බා. එදා මතකද ? අපි කරපු දේ...... අනේ මට ආයෙමත් ඒ දවසට යන්න ඕනි..... ඔයාගේ *****! අපි ගොඩක් ..... ****"
අම්මට අසූහාරදාහට නැග්ගා.
"නැගිටපන් යක්ෂණි.. මොනාද තෝ මේ ලියා තියෙන්නේ.."
දුවට නෑ උත්තර.
"කතා කරපන්.. මොනාද යකෝ මේ ලියලා තියෙන්නෙ.. උඹ තාම බඩ නොවුණා පුදුමයි...!!"
දෝණියැන්දෑ පෙම් හසුනේ ලිංගික ක්‍රියාකාරකම් එහෙමත් අමුවෙන්ම ලියලා. ඒවෙලවල් ඉවර වෙලා පන්ති කාමර අස්සෙ හුදකලා වෙච්ච වෙලාවල්වල කරපු සීමාව ඉක්මවා ගිය දේවල් ගැනත් ඒ හසුනේ තිබුණා.
අන්තිමට අම්මට අහුවුණාට පස්සෙ මේ කෙල්ලට දැඩි දඬුවම් දෙන්න 'අම්මාගේ උසාවිය' තීන්දු කරනවා.
දුවට ලැබුණු දඬුවම...
නිවාස අඩස්සිය..
අම්මගේ කේන්තිය කොච්චර ද කියනව නම් ඒ කොල්ලවත් හොයාගෙන ගිහින් දෙහි කැපුවලූ !