අනියම් සැමියා නිවසට ගෙන්වාගැනීමේ දී එම අවස්ථාව ගම්වැසියන් දැක ගැනීම මඟහරවා ගැනීම සදහා අනියත බොරු බියක් ඇති කරමින් ගම පුරා ප්‍රචාරයක් ගෙන ගිය කාන්තාවට ගමේ තරුණයන් එක්ව පාඩමක් කියා දීලා.
මාතර දිස්ත්‍රික්කයේ මායිම්ව පිහිටි තේ සහ කුරුඳුවලින් වටවු පුහුල් ගෙඩියක නමකින් සෑදුනු පුංචි කඳු ගැටයක පිහිටි සුන්දර ගමක පදිංචි මැදිවියේ කාන්තාවක් සිදුකළ අනුවණ ක්‍රියාවක් නිසා දැන් ගමටම ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා.
අවුරුදු 40 පමණ වු කාන්තාව නිවසෙහි ගෘහණියක් ලෙසත් ඇගේ ස්වාමියා පෞද්ගලික කර්මාන්තශාලාවක රැකියාවේ නිරතව සිටියා. මෙම පවුලේ ස්වාමියාගේ මෑණියන් සහ අධ්‍යාපනය ලබන වයසෙ දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු සමග ජීවත් වෙමින් සිටියා.
කෙසේ වෙතත් මෙම කාන්තාවගේ අනියම් සම්බන්ධතාවය දිනෙන් දින වර්ධනය වි තිබු නිසාම කාන්තාවගේ බලාපොරොත්තු වගේම වෙනත් වෙනත් සිහින දකිමින් එවා කවදා ඉටුවේදැයි ඇය ඇඟිලි ගනිමින් සිටියා. හැම දේයකටම වඩා කාලය ගත වෙද්දී ඇයගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට දැඩි වෙහෙසක් දැරුවා. ඒ නිසා තමයි අනියම් සැමියා නිවසට ගෙන්වාගන්න ඇය විසින් පසුගිය දිනක තම ස්වාමියා රාත්‍රි සේවා මුරයට රාජකාරියට ගිය අවස්ථාව යොදා ගත්තේ.
කොහොම නමුත් ගෙදර තත්ත්වය වෙනස් උනත් ගමේ මිනිස්සු මොනවා කියයිද කියලා කාන්තාවට තිබුණු සැකය වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා තමයි මේ කාන්තාව විසින් ගමේ මිනිස්සු ටික මුලා කරන්න කාන්තාව සතු හැටහතර මායම් සොයාගන්නේ.
ඒ අනුව ගම පුරා හොරු ඇවිල්ලා වේලාසනින්ම නිදාගන්න, දොරවල් වහන්න කියලා මේ කාන්තාව විසින් එදින දහවල් ගමේ හැමෝටම අනියත බියක් ඇතිකලා. එපමණක් නොවෙයි නිවසෙහි දරුවන් තිදෙනාට සහ ඔහුගේ නැන්දම්මා (බිරිඳගේ මව) ට නිදි පෙති ලබාදිමටත් මෙම කාන්තාව කටයුතු කර තිබුණා. කොහොම නමුත් අනතුරුව අනියම් සැමියා රාත්‍රි 10 :00ට පමණ පැමිණි යතුරු පැදිය සඟවා අදාළ කාන්තාවගේ නිවසට පාගමනින් පැමිණ තිබුණා.
කොහොම නමුත් හැබැයි ගමේ තරුණයෝ ටික හොරු අල්ලන වැඩේ වගකීම බාර ගත්ත නිසා එදා රාත්‍රී කිසිවකුට නොකියා රාත්‍රිය පහන් වන තුරු මාර්ගයේ සැඟවී සිටියා. පසුව අදාළ කාන්තාව සමග රාත්‍රිය ගතකල පුද්ගලයා අළුයම 1:00 ට පමණ හුදෙකලා වූ මාර්ගයේ යමින් සිටියදී තරුණයන් පිරිස විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා. අනතුරුව සොයා බැලීමේදී අනාවරණය වන්නේ අදාළ කාන්තාව විසින් නිවසට ගෙන්වා ගත්ත බවත් අනතුරුව රුපියල් දොළොස් දහසක් පමණ (12000 ) පමණ ලබාදුන් බවයි එම පුද්ගලයා පවසා තිබුනේ. ඒ පිළිබඳව අදාළ කාන්තාව මුනිවත රැක්ක නිසා ඔහුගේ ස්වාමියා නැවත උදැසන නිවසට පැමිණෙන තුරු ගමේ තරුණ පිරිස සැකකරු තබාගෙන ඉදලා ඔහුට භාරදෙන්න කටයුතු කර තිබුණා.
පසුව අදාළ කාන්තාව සිදුකල කාර්ය නිසා ලැජ්ජාව සහ අපකීර්තිය නිසා එය වසා ගැනීමට අවශ්‍ය නිසා සැකකරු විසින් නිවසේ මුදල් සහ රත්තරන් භාණ්ඩ මංකොල්ල කෑ බවට ලිපියක් ගැනීමට ඔහුගේ සැමියා කටයුතු කරන්න හැදුවත් එය අනුමත කළ නොහැකි නිසා තරුණ පිරිස විසින් ප්‍රදේශයේ පොලීසිය වෙත සිද්ධිය වාර්තා කිරීමට පියවර ගෙන තිබුණා.
අනතුරුව සැකකරු සහ නිවසේ පුද්ගලයන් පොලිසියට ගෙන්වා සිදු කළ විමර්ශන වලදී අනාවරණය වන්නේ මෙම කාන්තාව විසින් අනියම් සැමියා රාත්‍රි කාලයේ ගෙන්වාගෙන ඇති බවයි. පසුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දෙපාර්ශවයටම අවවාද කොට මුදා හැරීමට පොලිසිය කටයුතු කර තිබුණා.