“....ඒ දර්ශනය රූගත කරද්දි ගයනි මූණ වහගෙන අඬන්න ගත්තා. අනේ අක්කේ, ඇයි අක්කා මෙහෙම කරන්න ඕනේ කියලා... අධ්‍යක්ෂකවරයගේ ලොකු වෙච්ච ඇස් දෙක...” - එදා “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටයෙන් සම්පූර්ණ නිරුවත පෙන්වූ අනෝමා ජනාදරී පළමුවරට කළ සංවේදී හෙළිදරව්ව
|

2022-03-09 15:47:09
- 831
යි
“ඇයට මාව පිරිමියෙක් වගෙ දැනෙන්න ඇති
සිනමා පටය ඇතුළෙදී...
නමුත් මට ඒක ගැන විශ්ලේෂණයක් නෑ..”
අනෝමා ජනාදරී ලාංකීය සිනමා ඉතිහාස පොතට එකතු වෙන්නේ පූර්ණ වශයෙන්, ප්‍රේක්ෂකාගාරයට නිරුවත පෙන්වූ පළමු රංගන ශිල්පිනිය විදිහට.
ඇය එසේ නිරුවත් වූයේ සිය සැමියා විසින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක වීම විශේෂ යි.
'තනි තටුවෙන් පියාඹන්න' නම් වූ එම සිනමා කෘතිය සම්මාන රැසකට ද පාත්‍ර වූ අතර, බොහෝ විචාරකයින්ගේ ඇගයීමට ද ලක් වුණා.
එදා චිත්‍රපටයේ නිරුවත් වූ අනෝමා, එම දර්ශනය සඳහා තමන් මුහුණ දුන් හැටි යූටියුබ් නාලිකාවක් සමඟ මෙසේ අනාවරණය කර තිබුණා.
අනෝමාට ලිංගික ඇරයුම් ලැබෙද්දි දැණුන දේ..??
හරිම හාස්‍යයට කාරණයක් වුණා ඒක... මාත් එක්ක රඟපාපු ශිල්පීන්ටවත් සංයමයක් තිබුණේ නෑ මම තනි තටුවේ රඟපෑවම ඒක වෘත්තීමය වශයෙන් දරාගන්න. එතකොට කොහොමද සමාජය දරාගන්නේ. මේ නිරුවත පෙන්වන්නේ පිරිමියෙකුට ආකර්ශනය හිතෙන සිරුරක නෙවෙයි. අදටත් මට බහුතරයක් දෙනා කියන්නේ , අපි දැක්කා සිරුර. අපි ආවේ චිත්‍රපටිය බලන්න නෙවේ, ඔබේ සිරුර බලන්න, හැබැයි අපිට අද වැටහෙනවා ඇයි ඔබ සිරුර නිරාවරණය කළේ කියලා. මගේ අධ්යක්ෂවරයාටවත් වෘත්තීමය වශයෙන් ඒක දරාගන්න අමාරු වුණා.
වෘත්තීමය ජීවිතේ සංවේදීම අත්දැකීම..?
තනු තටුවෙන් පියාඹන්න රූගත කරද්දී සිදුවුනු දෙයක් ඒක.. ඒක හුඟක් සංවේදීව දැණුනා මට. ඒ දර්ශනය කරද්දි, මම දැක්කා අධ්‍යක්ෂකවරයාගේ මද වෙච්ච, ලොකු වෙච්ච ඇස් දෙක. කැමරා මන් හිටියා එතන. ගයනි ගීසන්තිකා තමයි මගේ බිරිඳට රඟපෑවේ. මේක රූගත කරද්දි ගයනි මූණ වහගෙන අඬන්න ගත්තා. අනේ අක්කේ. ඇයි අපි මෙහෙම කරන්න ඕනෙ. ඇයි අක්කා මෙහෙම කරන්න ඕනේ කියලා. අතිශය සංවේදී අවස්ථාවක් ඒක මට දැණුන... ඇයට මාව පිරිමියෙක් වගෙ දැනෙන්න ඇති සිනමා පටය ඇතුළෙදී... නමුත් මට ඒක ගැන විශ්ලේෂණයක් නෑ..
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|