www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනය, අච්චුවේලි පදිංචි දමිළ ‌සෙබලෙක් නිවාඩු යමින් සිටියදී මරුට..


2022-03-06 08:48:42 -  7565 යි

නිවාඩුවට නිවසට පැමිණෙමින් සිටියදී හෘදයාබාධයකින් මියගිය සෙබළාට අවසන් ගෞරව දැක්වීම පසුගිය 04වනදා යාපනයේ අචුවේලි ප්‍රදේශයේදී යුද හමුදා පෙළපාලියක් සහිතව පැවැත්විණි.

කිලිනොච්චිය ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරමින් සිටි යාපනය, අච්චුවේලි දකුණ, නවරක්කාඩු ප්‍රදේශයේ පදිංචි නාගරත්නම් විවේක් (29) නමැති යුද හමුදා සෙබළා පසුගිය බ්‍රහස්පතින්දා නිවාඩුවට ආහාර ගෙන නිවසට පැමිණීමෙන් පසු හෘදයාබාධයකින් මිය ගියේය.

මියගිය සෙබළාට උපහාර දැක්වීමේ හමුදා පෙළපාලියක් ඊයේ පැවැත්වුනු අතර, එයට යාපනය දිස්ත්‍රික් යුද හමුදාපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, සෙබළුන්, මියගිය අයගේ ඥාතීන් සහ සිවිල් වැසියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.








  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com