www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දහතුන් හැවිරිදි දරුවා අඹු කමට ගත් තිදරු මව රිමාන්ඩ්


2022-03-04 10:58:44 -  858 යි

දහතුන් හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ අපයෝජනයට යොදවා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක් 14වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමටත් පිරිමි ළමයා ඔහුගේ දෙමව්පියන්ට බාර දීමටත් සැකකාරියගේ ළමයින් තිදෙනා ඔවුන්ගේ පියාට බාරදීමටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 29 හැවිරිදි තිදරු මවකි.

සැකකාරිය උණවටුනේ පදිංචිකාරියක් වන අතර පවුල් ආරවුලක් නිසා ඇය ටික දිනකට පෙර හික්කඩුව ප‍්‍රදේශයේ නිවසකට පැමිණ නතරව ඇත. එසේ සිටියදී එම නිවසේ සිටි 13හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයා අපයෝජනයට යොදවාගෙන ඇති අතර පසුව ළමයා සමග අකුරැස්ස, දෙනියාය, කුරුණෑගල ආදි ප‍්‍රදේශවලටද ගොස් ඇත.

මේ අතර ඔවුන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ළමයාගේ මව හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසිය කාන්තාව සහ ළමයා කුරුණෑගල ගොස් පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් පරිදි කාන්තා පොලිස් පරීක්ෂිකා සුරංගිකා, උප පොලිස් පරීක්ෂක සරත්, කොස්තාපල් සමරසේකර (12627) යන මහත්ම මහත්මීන් විසින් සැකකාරිය සහ ළමයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com