ඇය 35 හැවිරිදි දෙදරු මවකි. පදිංචිය ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර ගමකය.
ඇය තරුණ වියේදී එම ගමේ තරුණයකු සමග පෙමින් බැඳුනාය.
මව්පියන්ගේ බලවත් විරෝධය නිසා ඇයට ඔහු තම සැමියා ලෙස තෝරා ගැනීමට නොහැකි වූවාය.
එහෙත් දෙදෙනාගේ ආදරය නොනැසී පැවතිණි. මේ අතර මව්පියන්ගේ කැමැත්තට ඉඩදී ඇය වෙනත් තරුණයෙකු සමග දීග ගියාය.
එහෙත් වසර දහයක් තිස්සේ පැරණි පෙම්වතා සමග අනියම් අඹුසැමියන් ලෙස ජීවත් වූවාය.
ඇයගේ සැමියා ගමෙන් පිට රැකියාවක් කිරීම ඔවුනට මහත් අස්වැසිල්ලක්ද විය. මෙය පසු කලෙක ගමේ මිනිසුන්ටද රහසක් නොවීය.
මේ අතර පළමු පෙම්වතා වෙනත් කාන්තාවන් සොයා යන බව ඇයට ආරංචිවීමත් සමග ඔවුනගේ අනියම් ආදර මන්දිරය දෙදරන්නට විය.
තමාට වෙනදා මෙන් ඔහුගෙන් සතුට නොලැබෙන බව ඇයට හැඟී ගියේය. මේ නිසා දෙදෙනා අතර වචන හුවමාරුවන්නටද විය.
මේ අතර පසුගිය දිනෙක දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවිය. එහිදී ඔහුගේ අතට හසුවූයේ මේසය මත තිබූ කතුරකි.
එය අතට ගත් ඔහු වසර දහයකට අධික කාලයක් තමාගේ සියලු අවශ්‍යතා ඉටුකළ පළමු පෙම්වතිය වූ මේ වනවිට අනියම් බිරිඳ බවට පත්ව සිටින ඇයගේ දිගු කොණ්ඩය කපා දැම්මේය.
තමාගේ දිගු කොණ්ඩය අහිමිවීම ගැන ඇයට මහත් වේදනාවක් ඇතිවිය. ඇය වහාම පොලිසියට ගියාය.
පළමු පෙම්වතා වූ අනියම් සැමියා පොලිස් ජීප් රථයට ගොඩ වූයේය.