www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“....එයා ඇත්තටම කෙල්ලෙක්.....” - බාලිකාවක දී අතින් අත ඇල්ලූ නමුත්, අයිතිවාසිකම් කියන්න බැරිවුණු අසම්මත ප්‍රේමය..


2022-02-28 16:21:27 -  425 යි

“මට තාමත් මතක් වෙනවා එයා එක්ක
පීටී රූම් එකේ කරපු දේවල්..”


“නොදැනුවත්ම මම මගේ හැඟීම් රශීට කිව්වා. පස්සෙ එයා...”


"ආදරේට වර්ණ බේද නැල්ලූ, ජාති ආගම් බේද නැල්ලූ. ඇත්තටම ඕවා වචන විතරයිනේ. එක එක ටෙලි ග්‍රාමාවලයි, නවකතාවලයි විතරක් තියෙන හිතලූ. ඇත්තටම එහෙම නම් ආදරේදී ගෑනු පිරිමි බේදයකුත් ඕනි නෑනේ. මම කියන්නෙ කෙල්ලෙකුට තවත් කෙල්ලෙකුට ආදරේ කරන්න බැරිද ? කොල්ලෙකුට තවත් කොල්ලෙකුට ආදරේ කරන්න බැරිද? ඇයි ඒ වගේ ආදර කතාවලට කොටු කොටු දාන්නේ...? ඇයි ඒවා නීතියෙන් තහනම් කරන්නෙ.. ඒක අසම්මතයි හෙන ගහන අපරාධයක්.. මැරුණම අපායේ යනවා වගේ ගොබ්බ කතා කියන්නේ..."

කෙල්ල කතාව නැවැත්තුවේ නෑ... (එයාට නවත්තන්න වුවමනාවක් තිබුණෙත් නෑ.)
මම නවත්තන්න ගියෙත් නෑ...
මට ඕනි වුණා කතාව අහන්න... භයානක 'ලෙස්බියන්' කතාවක්...

ඊයා.... නේද..?

" ...... බාලිකා එකේ (නම කැපුවට තරහා වෙන්න එපා.) කැපිලාම පේන කෙල්ලො දෙන්නා වුණේ මමයි රශියි. රශී ලස්සනයි ඉටි රූපේ වගේ. මම පුංචි කාලේ ඉඳන්ම හැදුනේ කොහොමත් කොල්ලෙක් වගේ. අපේ තාත්තා කියන්නෙත් එයා ඉල්ලුවේ කෙල්ලෙක්. හම්බුණේ දෙකටම නැති එකෙක් කියලා. මොකද මම හැම වෙලාවෙම හැසිරුණේ කොලු තාලෙට. යාලුවෝ කියලා ආශ්‍රය කළෙත් කොල්ලන්ව. ඒකේ ප්‍රතිඵලය වුණේ මම ආදරේ කරන්න හෙව්වෙත් කෙල්ලෙක්ව.. රශීට හිත ගියාට මම කවදාවත් එයාට ඒක කියලා නෑ. මොකද ඒක කියනවට වඩා එයා එක්ක ඉන්න හැම මොහොතටම මම ආස කළා. එයා තරහා වුණාම අත කපාගෙන පිස්සු නැටුවෙත් ඒකයි..."

"රශීට කොල්ලෙක් හිටියා. හැබැයි කොල්ලා වැඩිය මෙයාට සෙට් නෑ. නොදැනුවත්ම මම මගේ හැඟීම් රශීට කිව්වා. රශී මුලින් මුකුත් කිව්වේ නෑ. ඒත් පස්සෙ අපි ආදරේ කරන්න ගත්තා. එයාට අවුල වුණේ මම කෙල්ලෙක් වුණ එකනේ. මම කොහොමත් කොලු ලයින් එකේ ඉන්න නිසා රශී පස්සෙ මට හුරු වුණා. එයයි මායි ප්‍රැක්ටිස් ගියේ එකට. ගෙවල්වල යනවා එනවා. කවුරුත් අපිව සැක කළේ නෑ. මොකද එයත් කෙල්ලෙක්.... මමත් කෙල්ලෙක්..."

"හැබැයි හැමෝටම හොරෙන්න නටන්න පුළුවන් හැමදේම අපි දෙන්නා නැටුවා. ඒලෙවල් වලින් පස්සෙත් එයයි මායි ක්ලබ් යනවා, බොනවා.. කොල්ලො කෙල්ලො එක්ක ගහ මරාගන්නවා. ඔය විදිහට ලයිෆ් එක එන්ජෝයි කළා. ඒත් ඇත්තටම අන්තිමේදී රශී මාව මඟ ඇරියා. මොකද මේ සම්බන්ධෙ එයාගේ ගෙදර අයට මීටර් වෙලා තිබුණා. අන්තිමට එයාලා රශීව කැනඩා යැව්වා. මම තනිවුණා.... මට තාමත් මතක් වෙනවා එයා එක්ක පීටී රූම් එකේ කරපු දේවල්.. ඒත්.... මොනා කරන්නද? ඒවා මතකයන් විතරයි... රශී මාව බ්ලොක් කරලා තියෙන්නෙ. ළඟදි එයා බඳින්න යනවා කියලත් ආරංචියි...."


කෙල්ල කතාව නැවැත්තුවා.
ආපහු පටන් ගන්න නොකියා කෙල්ලගේ ඇස් දෙකෙන් පහළට බැහැගෙන යන කඳුළු දිහා මම බලන් හිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com