www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අම්මා නිශ්ශංක අංකල් එක්ක කාමරේ ඉන්නකොට දොර ලොක් කරගත්තෙ නෑ. නිශ්ශංක අංකලුත් මාව නරක විදිහට අත පත ගානවා. පස්සේ අම්මත් එයා එක්ක එකතු වෙලා එහෙම කරනවා.


2022-02-28 15:58:22 -  1071 යි

"ඊටපස්සෙ අම්මා නිශ්ශංක අංකල් එක්ක කාමරේ ඉන්නකොට දොර ලොක් කරගත්තෙ නෑ."

මං මේ කතාව අහන කාලෙදි ඇත්තෙන්ම මට ඒක විශ්වාස කරන්න අමාරු වුණා. ඒත් ලෝකය කියන්නෙ එහෙම දේවලුත් සිද්ධ වෙන්න පුළුවන් තැනක් කියලා ටිකෙන් ටික තේරුම් ගන්නකොට මේ හැමදේම මේ ලෝකය ඇතුළෙ අඩු වැඩි වශයෙන් පවතිනවාමයි කියන එක අපිට නවත්තන්න බෑ කියලා මම තහවුරු කරගත්තා.

මේ මහනුවර ප්‍රදේශයේ එක්තරා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ අපි 'අසික්කිතයි' කියලා හඳුන්වන මට්ටමේ අශෝභබ ජීවිත කතාව.

අපි මිනිහාට නිශ්ශංක කියලා නමක් දෙමු. කතාව පටන් ගන්නෙ සභාපතිවරයාගෙන් නෙමෙයි. නතාශාගෙන්. නතාෂාගෙ අම්මා ගෘහණියක්. තාත්තා නතාෂා ඉපදෙනකොටත් යුද්ධෙන් මිය ගියා කියලා තමයි අම්මා ඇයට කියලා තියෙන්නෙ.

නිශ්ශංක කියන්නෙ මේ මිය ගිය තාත්තගෙ හිතවතෙක්. නතාශා දැනගෙන හිටියෙ එහෙම. ඉතින් නිශ්ශංකගෙන් මුල ඉඳලම මේ අම්මටයි දූටයි බොහොම උදව් උපකාර තිබුණා. කොටින්ම බොහෝ දවස්වලට නතාෂා පාසල් ඇරිලා ගෙදර ආවෙත් ප්‍රාදේශීය සභාවේ රාජකාරි වාහනයක.

සමහර දාට නිශ්ශංකගෙ ගෝල බාලයෙක් එක්ක නතාෂා ගෙදරින් ඇවිත් බහිනකොට නිශ්ශංක අම්මා එක්ක කාමරේ හිනා වෙවී ඉන්නවා නතාෂාට ඇහෙනවා. නතාෂාට ඒවා අලුත් දේවල් වුණේ නෑ. දොර අගුලු දාලා තියෙන නිසා නතාෂා කරදර කරන්න යන්නෙත් නෑ.

හැමදේම වෙනස් විදිහට සිද්ධ වෙන්න පටන් ගන්නෙ නතාෂා වැඩි වියට පත් වුණාට පස්සේ.

"ඊටපස්සෙ අම්මා නිශ්ශංක අංකල් එක්ක කාමරේ ඉන්නකොට දොර ලොක් කරගත්තෙ නෑ. අම්මා මටත් ඇතුළට එන්න කියනවා. නිශ්ශංක අංකලුත් මාව නරක විදිහට අත පත ගානවා. පස්සේ අම්මත් එයා එක්ක එකතු වෙලා එහෙම කරනවා.

මුලින් නම් මට නිශ්ශංක අංකල් එක්ක කේන්තියි. ඒත් පස්සෙ මටත් ඒක විනෝදයි කියලා හිතුණා. ඊටපස්සෙ අම්මයි මායි නිශ්ශංක අංකල් නැති වෙලාවටත් ඒවා කරන්න ගත්තා.

හැමදේම සාමාන්‍ය විදිහට සිද්ධ වුණා. මගෙ ජීවිතේ උඩුයටිකුරු වෙන්න පටන් ගත්තෙ මං ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ. එයා මට ක්ලාස් කරන්න ආපු සර්. දමිත් කියලා.. කැම්පස් එකේ ඉගෙන ගන්නවා එයා එතකොට. එයා මට මාර විදිහට ආදරේ කළා. මාත් එහෙමයි.

ඒත් එයාට ටික දවසක් යද්දි තේරුණා අපේ ගෙදර මහ අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා.. දවසක් එයා මාව තනියම හොටෙල් එකකට එක්කන් ගිහින් මගෙන් පොඩි කාලෙ ඉඳලා සිද්ධ වෙච්ච හැමදේම අහගත්තා. ඊටපස්සෙ එයාම මාව කවුන්සලර් කෙනෙක් ළඟට අරගෙන ගියා. මං මගෙ අම්මටයි නිශ්ශංකටයි අතීතයටයි වෛර කරන්න පටන් ගත්තෙ ඊටපස්සෙ.

මං තේරුම් ගත්තෙ එක දෙයයි. දමිත් වගේ කෙනෙකුට මං වගේ කෙනෙක් කොහෙත්ම ගැළපෙන් නෑ. එයා වගේ කෙනෙක් කොහෙත්ම ගැළපෙන් නෑ.

මං පුදුම විදිහට වෙනස් වෙන්න ගත්තා. කොටින්ම මං අම්මට අතට අහුවෙන එකෙන් ගහලා තියෙනවා. අපි හැමදාම රණ්ඩු වෙනවා. මං ඔය දේවල් දමිත් එක්ක කිව්වට පස්සෙ එයා කිව්වා මෙහෙම ගියොත් නිශ්ශංක හැමදේම දැනගෙන මට කරදරයක් කරයි කියලා.

ඊටපස්සෙ මම ආයෙම ටික කාලයක් ඉවසුවා. දමිත් කියපු විදිහට හැමදේම කපටිකමෙන්ම තමයි විසඳගන්න වෙන්නෙ කියන එක මං තේරුම් ගත්තා.

වැඩේ අමාරු වුණේ නෑ. දමිත් මට හැමදේටම උදව් කරා. එයා ප්‍රයිවට් කැම්පස් එකකින් බොරු ලියුමක් හදලා දුන්නා ලක්ෂ විස්සක උපාධියක් මට ලක්ෂ 10කින් කරගන්න ස්කොලෂිප් එකක් හම්බවෙනවා කියලා... ඒක එකපාර ගෙවන්නත් ඕන කියලා. නිශ්ශංක සල්ලි දෙන්න කැමති වුණා.

ඒ වෙද්දි දමිත් මාව ස්ටුඩන්ට් වීසා එකකින් මෙහෙට එවන්න සේරම ලෑස්ති කරලා තිබුණේ. ඕන කරන බඩු සේරම ටික ටික දමිත් ගාව එකතු කරගත්තා. අන්තිමට ෆ්ලයිට් එකට මාව ඇරලවන්න දමිතුයි එයාගෙ කැම්පස් එකේ යාලුවොයි ගොඩාක් එයාපෝට් එකට ආවා. මම ගෙදරින් ආවේ ක්ලාස් එකකට යනවා කියලා. පිටත් වෙන්න කලින් මම අම්මට මැසේජ් එකක් දැම්මා. මම යනවා... ආයෙ කවදාවත් මාව හොයන්න එපා. හොයනවා නම් ඔය දෙන්නා මට කරපු අපරාදෙ මුළු ලෝකෙම දැනගනියි කියලා...

මං ගෙදරින් ආවේ ගෙදර තිබ්බ රත්තරං බඩුත් සේරම අරගෙන. එදා එයාපෝට් එකේදි මං දමිත්ට ඒවා දෙන්න හැදුවත් ඒ කිසිම දෙයක් එයා ගත්තෙ නෑ.

අපි ආයෙ කවදහරි හම්බවෙයිද කියලා මම දන්නෙ නෑ. එහෙම නොවුණත්, දමිත්ටයි එයාගෙ කැම්පස් එකේ යාලුවොන්ටයි මං ආත්ම ගාණක් ණයයි..."

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com