www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

15 හැවිරිදි සිසුවා පාසල් මිතුරියව ගැබිනියක් කරයි


2022-02-24 16:42:37 -  340 යි

14 හැවිරිදි දැරියක් හත් මසක ගැබිනියක් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නවගමුව පොලීසිය සඳහන් කළේ දැරියව රෝහල්ගත කර ඇති බවය.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් විසින් මිලදීගෙන අදාළ සිසුවා වෙත ලබාදුන් ජංගම දුරකථනයෙන් ඔහු අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන නැරඹීමට හුරුවී මේ සඳහා පෙළඹී ඇති බවය. 

දැරිය විසින් තමාට නිතර උදරාබාධයක් ඇතිවන බවට ඇයගේ මවට පැවසීමෙන් අනතුරුව ඇයව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකු වෙත පෙන්වා තිබේ.

එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂාවේදී දැරිය ගැබිනියක් බවට අනාවරණය වී ඇත.

අදාළ දැරිය සහ සිසුවා එකම පාසලක 10වන වසරේ සහ 11 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර දෙදෙනාම නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ සැකකාර සිසුවාගේ දෙමව්පියන් විසින් මීට මාස කිහිපයකට පෙර රුපියල් 27,000ක මුදලකට මිලදී ගත් ජංගම දුරකථනයක් එම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදී ඇති බවය.

සැකකාර සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම දුරකථනයෙන් අන්තර්ජාලය වෙත පිවිස අසභ්‍ය දර්ශන නැරඹූ බවත් අදාළ සිසුවිය සමග එලෙස හැසිරුණු බවය.

දැරියගේ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක එම නිවසට පැමිණ බවද සැකකාර සිසුවා පොලීසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනාටම ඔවුන් සිදුකළ ක්‍රියාවේ බරපතළකම පිළිබඳව අවබෝධයක් නොමැති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී සහ විමර්ශනවලදී අනාවරණය වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරිනියක පැවසුවාය.

විමර්ශන සිදුකළ පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළේ දැරිය සහ සිසුවා එලෙස හැසිරී තිබුණ ද ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවට ද අනාවරණය නොවූ බවය.

රෝහල් ගතකළ දැරියගේ කුසතුල සිටින දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සිසුවා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com