www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මට්ටක්කුලිය් මහදවල් කුඩු පාතාලය ගැටේ (වීඩියෝ) - නෙරංජලා ගැන ඇහුවාම OIC කුපිත වි මාධ්‍යයට තග දායි


2022-02-01 17:59:01 -  557 යි

පසුගිය ජනවාරි 30 වැනිදා මහ දහවල් මට්ටක්කුලිය කදිරානවත්තේ නිවසකට ප්‍රහාරයක් එල්ල වී ඇත.

ආරංචි මාර්ග පවසන පරිදි මෙම ගැටුම ඇති වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතරය. මෙම වීඩියෝවේ නිල් පැහැති ටී ෂර්ටයකින් සැරසී නිවසට පහර දෙන කත නිරංජලා නම් වේ. ඇය ප්‍රංශයේ සිටින රූබන් හා එංගලන්තයේ සිටින කුඩුලාල්ගේ බලය පෙන්වමින් කුඩු, අයිස් කිලෝ ගණින් කොළඹ බෙදාහරින බව කියවේ.

කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇපමත සිටියදී ප්‍රංශය ට පැනගත් තෙරේසා නමැති කුඩු ජාවාරම් කාරියගේ දුව වන ජාන්සි විසින් නිරංජලා ට මත්ද්‍රව්‍ය බෙදා දෙන්නේ කුඩුලාල්ගේ හා රූබන් ගේ ජාලය යටතේ ය.

මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය කිලොවක් සමග මැයගේ ගෝලයින් පොලිසියට හසුවී ඇත.

මට්ටක්කුලිය පොලිසියෙන් හා පොලිස් ඩී.සී.ඩී.බී කිසිම ඒකකයක් නිරංජලා අල්ලන්නේ නැත. ගෝලයින් පමණක් සුළු නඩුවලට පොලිසිය ට දී පාතාල බලයෙන් ජාවාරම කරන මැය 30 වැනිදා තම මැර බලය යොදා ගෙන තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ යැයි පවසන නිවසකට මෙසේ පහර දී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ මට්ටක්කුලිය පොලිසිය සම්බන්ධ වී මේ දෙපිරිස සමාදාන කළ බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධකර ගත් අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ කදිරානවත්තේ අප කියන ආකාරයේ ගැටුමක් ඇති නොවුන බවයි. ඉතා සුලු සිදු වීමක් වූ බව පැවසූ ස්ථානාධිපතිවරයා දුරකතනය විසන්ධි කළේය. ස්ථානාධිපතිවරයා පවසන සුලු සිදුවීම හා අපට ලැබී ඇති ජංගම දුරකථනයකින් ගත් දර්ශන දෙකක්දැයි සැක හැර දැනගැනීමට අවශ්‍ය වූ බැවින් අප නැවත වරක් ඔහු දුරකතනය හා සම්බන්ධකරගත් අවස්ථාවේදී ඔහු පවසා සිටියේ අප අසන දේ පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවත් කිසියම් කරුණක් පිළිබඳ දැන ගැනීමට ඇති නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අමතන ලෙසයි.

නිරංජලාට එරෙහිව මාධ්‍යයටත් කිසිත් නොකියන අසරණ තැනකට මට්ටක්කුලිය පොලිසිය පත් වී ඇති තත්ත්වයක් හමුවේ පාතාල බලයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම කරන මැය ගැන බුද්ධි අංශය යොදා හෝ සොයාගත යුතු නොවන්නේද? පොලිස් පතිතුමණි මේ ඔබේ අවධානයට.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com