www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

26 වසරකට පෙර සිදුවූ කොටුවේ මහ බැංකු බෝම්බය


2022-01-31 12:45:56 -  372 යි

1996 ජනවාරි 31 දා ශ්‍රී ලංකා මහ බැංකුවට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගත් ලොරියක් කඩාවැදීමෙන් 100 කට අධික පිරිසක් මරුමුවට පත්වූ අතර 1400 ක් පමණ තුවාල ලැබූහ.බෝම්බ ලොරිය පදවාගෙන ආ රාජු නැමැති බෝම්බකරු එතනම මියගිය අතර තවත් දෙදෙනෙක් පැනයද්දී අසුවිය. මේ මහා විනාශය කළ ත්‍රස්තයන් සෙවීමට භාරවූයේ ත්‍රස්ත මර්දන පොලිස් පරීක‍ෂක නිලබ්දීන්ටය. පරීක‍ෂණ ආරම්භ කරන අවස්ථාවේ කදිරගාමම් තම්බි හෙවත් රගු පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි. නිලබ්දීන් ඉදිරියේ රගු පාපොච්ඡාරණයක් කරනු ලැබීය. බැංකු බෝම්බ මෙහෙයුමට පෙර ප්‍රභාකරන් තමාව කැදවා ශ්‍රී ලංකාවේ සිතියම රන් හා රිදී පැහැයෙන්ද ඊළාම් දේශය රන් පැහැයෙන්ද සළකුණු කර තිබූ සමරු ඵලකයක් ප්‍රදානය කළ බව හෙළිකළේය.

මේ සමරු ඵලකය කෙසේ හෝ සොයාගැනීම නිලබ්දීන්ගේ අරමුණ විය. රගු අත්අඩංගුවේ සිටින බව ප්‍රභාකරන්ගේ ටොසි බුද්ධි සේවාවට හෙළිවූයේ නැත. නිලබ්දීන් සමරු ඵලකය සෙවීමේ මාරක ගමනට සූදානම් විය. ඔහු ත්‍රිකුණාමලයට ගොස් මුතුර්වලට පැමිණියේ පාලම් පාරුවෙනි. මුතුර්හි හමුදා කදවුරට ගිය නිලබ්දීන් තමාට හමුදා නිලධාරීන් කීපදෙනකුගේ සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. කදවුර භාර නිලධාරියා පැවසුවේ මුතුර් වෙත ත්‍රස්ත ප්‍රහාර එල්ල වන නිසා එක් භටයෙක් පමණක් දිය හැකි යැයි කීවේය. තමා යන ගමන ගැන නිලබ්දීන් හමුදා නිලධාරියාට හෙළිකළේ නැත. මේ අතර ති්‍රකුණාමලයේ සිට මුතුර් බලා යන පාලම් පාරුව පැදවූ තැනැත්තා පැවසුවේ සවස 5.00 ට ආපසු පාලම් පාරුව ති්‍රකුණාමලයට යන නිසා ඊට පෙර එන ලෙසයි. ඔබලා ආපසු නාවොත් කොටින්ට අසුවෙයි යයිද ඔහු අනතුරු අඟවනු ලැබීය. මුතුර් වෙත ගිය නිලබ්දීන් ඇතුළු තිදෙනකුගේ ක්යම කැලෑව මැද පිහිටි විශාල පොල්වත්තකට ගියහ. එම පොල්වත්ත මැද ගෙයක් විය. එම නිවසේ වයසක තැනැත්තෙක් පදිංචිව සිටියේය. එම තැනැත්තා ඇමතූ නිලබ්දීන් තමා රගුගේ මිත්‍රයකු බවට සමරු පෙට්ටිය ගෙන එන ලෙස රගු පැවසූ බවත් පලකළේය. නිවසේ සඟවා තිබූ සමරු පෙට්ටියත් රැගෙන ආපසු පාලම් පාරුව ඇති ස්ථානයට එනවිට එය පිටව යෑමට ආසන්න වී තිබුණි. විගස පාලම් පාරුවට නැගගත් නිලබ්දීන් ඇතුළු තිදෙනා ති්‍රකුණාමලයට පැමිණ කොළඹට පැමිණියහ. කොළඹ සිට ත්‍රස්ත මර්දන කණ්ඩායමක් මුතුර් වෙත පැමිණි බව ප්‍රභාකරන්ට වාර්තා වූයේ නැත. ප්‍රභාකරන්ට වැරදුනේ මේ අවස්ථාවේදීය. සමරු තෑගි පෙට්ටිය අපරාධ ඒකකයේ ඇඟිලි සලකුණු අංශය වෙත යොමුවිය. මේ වනවිට තමිල්නාඩු පොලිසියෙන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගැනීමට නිලබ්දීන් ක්‍රියාකර තිබුණි.

ඇඟිලි සළකුණු සටහන් අංශයේ සැරයන් ආර්. බී. රත්නායක සහ උප පොලිස් පරීක‍ෂක නෝමන් පෙරේරා විසින් ඇඟිලි සටහන් 3 ක් සොයාගනු ලැබීය. මේ ඇගිලි සටහන් ප්‍රභාකරන්ගේ බව තහවුරු විය. එම ඇඟිලි සටහන් ඇති සමරු පෙට්ටිය නිලබ්දීන් විසින් සොයාගත් බව ප්‍රභාකරන්ට වාර්තා වූයේ නැත. මෙම තෑගි පෙට්ටියේ කදිරගාමම් තම්බි හෙවත් රගු විග්නේෂ්වරන් නාදන් පාර්තියන් හෙවත් කුට්ටිගේ ඇඟිලි සලකුණු ද විය. අත්අඩංගුවේ සිටින රගු කළ පාපොච්ඡාරණය සත්‍ය බව නිලබ්දීන්ට අවබෝධ විය. මෙතෙක් කිසිදු පොලිස් නිලධාරියකුට ප්‍රභාකරන්ගේ ඇඟිලි සළකුණු  සොයාගැනීමට හැකිවූයේ නැත. සරත් අඹේපිටිය විනිසුරුතුමා ඉදිරියේ පැවැති නඩු විභාගයේදී නිලබ්දීන් සහ ඇඟිලි සටහන් විශේෂඥයන් රහසිගත සාක්කි දුන්හ. එහිදී චෝදනා 51 කට ප්‍රභාකරන් වරදකරු විය. ඔහුට වසර 200 ක සිරදුවමක් නියම විය. කෙසේ හෝ මේ තොරතුරු ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව ප්‍රභාකරන්ට සපයා ඇත. කෝපාවිෂ්ඨ වූ ප්‍රභාකරන් මුතුර්හි කොටි ප්‍රාදේශීය නායකයන් වෙඩි තබා මරා දැමීමට නියෝග කළේය. ඉන්පසු ඔහු නිලබ්දීන් සහ ඔහුට සහය වූ පොලිස් පරීක‍ෂක ජයරත්නම් ඝාතනය කිරීමට සැලසුම් කළේය. නිලබ්දීන් සිදුකළ මෙම විෂේශ මෙහෙයුම නිසා ඇතැම් උසස් පොලිස් නිලධාරීන් බියට පත්වූහ. ගල්කිස්ස පොලිසියේ පැත්තකට කර තිබූ නිලබ්දීන්ට දිනක් බිරියට අසනීපයි යනුවෙන් දුරකථන පණිවුඩයක් ලැබුණි. සිය බිරිය අසනීප තත්ත්වයේ සිටි නිසා එම පණිවුඩය සත්‍යයක් බව සිතූ නිලබ්දීන් සිය මෝටර් රියේ නැගී නිවසට එන අතරේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් රථයට පැන්නාය. එහෙත් ඔහුගේ දිවි ගැළවුණි. ඒ වනවිට පොලිස් පරීක‍ෂක ජෙයරත්නම් පැහැරගෙන ඒමට ත්‍රස්ත කණ්ඩායමක් යොදවා තිබුණි. ගල්කිස්සේදී පැහැරගනු ලැබූ ජෙයරත්නම්ව වන්නියට ගෙන යෑමෙන් පසු වධහිංසාවට ලක්කර වෙඩි තබා මරාදමනු ලැබිණි. ජෙයරත්නම් මරාදැමීමට හැකිවූවත් නිලබ්දීන් ඝාතනය කිරීමට ප්‍රභාකරන් දැරූ සිය ̈ උත්සාහ ව්‍යාර්ථ විය. ඔහු විගස අග්නිදිග ආසියානු රටකට පැනගියේය. මහ බැංකු බෝම්බයට අදාළ ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් සොයාගැනීම ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් තක්සේරු කළේ රුපියල් ලක‍ෂ 2 කට පමණකි. එහෙත් ඔහුට ලැබුණේ ලක‍ෂයකි. වරදකරුවන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට දක්වමින් පොලිස් දෙපාර්තමේන්තුව ඔහුට ඉතිරි ලක‍ෂය දීම ප්‍රමාද කරනු ලැබීය.

එලෙස උසස්වීමක් පවා ලබාදීමට පොලිස් බලධාරීහු කි්‍රයාකළේ නැත. අවසානයේ නිලබ්දීන් විශ්‍රාම යෑමේ ලියැවිලි ඉදිරිපත් කළ අතර පොලිසිය එය අනුමත කළේය. මින් සිදුවූයේ ශ්‍රී ලංකා පොලිසියට විශිෂ්ඨ ත්‍රස්ත මර්දන නිලධාරියකු අහිමිවීමයි. එසේම ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් සන්සන්දනය කළ පොලිස් සැරයන් රත්නායක සහ උප පොලිස් පරීක‍ෂක නෝමන් පෙරේරාට සිදූවූයේද එයයි. ඔවුන්ටද කිසිදු උසස්වීමක් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කි්‍රයාකළේ නැත. පොලිස් සැරයන් රත්නායකද කොළඹ මහාධිකරණය හමුවේ 06.11.2001 දින කොටි සංවිධානයට එරෙහි සාක්කි දුන්නේ දිවි පරදුවට තබමිනි. මහබැංකු බෝම්බ පිපිරීමට පෙර නියෝජ්‍ය පොලිස්පතිව සිටි ගාමිණි ගුණවර්ධන වෙත යම් දිනක ගලධාරි, හිල්ටන් හෝටල් ආශ්‍රිතව ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ලැබුණත් පොලිසියේ ඉහළ නිලධාරීහු එම අනතුරු ඇඟවීම ගැන තැකීමක් කළේ නැත. එහි ප්‍රතිඵලය අතිශයින්ම විනාශ දායක විය. මහබැංකු බෝම්බ පිපිරීමේදී හිල්ටන් හෝටලයේ විලේ සිටි විශාල කොකෙකුගේ ඛෙල්ල වෙන්වී මරුමුවට පත්විය. මෙම බිහිසුණු පිපිරීම සිදුකළ බෝම්බකරු රාජු එතනම මියගිය අතර ඔහුගේ අනුගාමිකයන්වූ සුබ්‍රමනියම් විග්නේෂ්වරම් හෙවත් කිට්ටු ගැන සිවසාම් මර්වේන්ද/ හෙවත් රගු පොලිසියට අසුවිය. මෙම දරුණු විපතට  ගොදුරු වූ බැංකු නිලධාරි නිලධාරිනියන් රැසක් මරුමුවට පත්වූ අතර එකී නිලධාරිනියකගේ දෑස් අන්ධ විය.මහ බැංකු බෝම්බ පිපිරීමෙන් මහ බැංකුවට සහ අවට දේපල වලට සිදුවූ අලාභය රුපියල් මිලියන 1650 කට අධික යැයි තක්සේරු විය.

මේ ප්‍රහාරය දෙවැනි වන්නේ ඇමෙරිකාවේ ලෝක වෙළෙද සංකීර්ණයට එල්ලවූ ප්‍රහාරයට පමණි.මහ බැංකු බෝම්බ නඩුවේදී කොටි ත්‍රස්තයන් 10 කට චෝදනා ගොනුකර තිබූ අතර ඔවුන් මෙසේය.

1. වේ ̈පිල්ලේ ප්‍රභාකරන් හෙවත් කරිකාලන්
2. ශිවශංකර් පොට්ටු අම්මාන්3. චාල්ස් හෙවත් චාල්ස් මාස්ටර්
4. විග්නේෂවරනාදන් පාර්තියන්
5. කදිර්ගාමම් තම්බිසිවකුමාර්
6. සෙල්ලයියා නවරත්නම්
7. රාජදොරෙයි සක්කුලසිංහම්
8. කන්දයියා ශ්‍රී ගනේෂ්
9. රාමයිය පාපනි
10. කරුපයියා කමලනාදන්මෙහිදී ටොසි බුද්ධි සේවාවේ නායක පොට්ටු අම්මාන්,
චාල්ස් මාස්ටර් සහ රාජදොරේ සක්කුලසිංහම් සහ රාමයියා පාපනි නිදහස් විය.නඩුවේ තීන්දුව පිටු 106 කින් සමන්විත විය. මහ බැංකු බෝම්බ පිපිරීම ගැන චෝදනා 52 කට වරදකරු වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන් හෙවත් තම්බි හෙවත් තිරුබාකරන් හෙවත් කුරේ හෙවත් ඇල්පායි. කොටුවේ මහ බැංකු බෝම්බ ප්‍රහාරයට නියෝග කළ ප්‍රභාකරන්ට වැරදුනේ කොතනද? ඔහු ප්‍රහාරයට යොදවා තිබූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා වූ කදිරගාමම් සිවකුමාර් හට අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ප්‍රදානය කරන ලද ශ්‍රී ලංකා සිතියම (ඊළාම් දේශය ලකුණ කළ) ඇතුළත් ඵලකයේ ප්‍රභාකරන්ගේ ඇඟිලි සළකුණු තුනක් තිබීමයි. මේ ඵලකය ත්‍රස්ත මර්දන ඒකකයට අසුවනු ඇතැයි ප්‍රභාකරන් කිසිම ලෙසකින් සිතුවේ නැත. මෙම බිහිසුණු සිද්ධියට සම්බන්ධ සෙල්ලයියා නවරත්නම් සහ කන්දයියා ගනේෂ් අල්ලාගැනීමට හැකිවූයේ නැත. ඔවුන්ට එරෙහිව ඉන්ටර්පෝල් පොලිසිය දුටුතැන අල්ලනු වරෙන්තු නිකුත් කර තිබුණත් පසුගිය යහපාලන රජය එම වරෙන්තු සංහිදියාව මුවාවෙන් අහෝසි කළේය.

ප්‍රභාකරන්ගේ මෙම බිහිසුණු ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට ඔහුගේ ඇඟිලි සළකුණු ශ්‍රී ලංකා පොලිසිය ලබාගැනීමට ක්‍රියාකර නොතිබූ බවද හෙළිවිය.එහෙත් පොලිස් පරීක‍ෂක නිලබ්දීන් ඉන්දීය පොලිසියෙන් එම ඇඟිලි සටහන ලබාගැනීමට ක්‍රියා කළේය. ප්‍රභාකරන්ට එරෙහි නඩුව විභාග කළ සරත් අඹේපිටිය විනිසුරුතුමාද පසුව අබිරහස් ලෙස ඝාතනය විය. මෙලෙස ලොව දරුණුතම ත්‍රස්තවාදියාවූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සනාථ කළ උප පොලිස් පරීක‍ෂක නෝමන් පෙරේරා පොලිස් සැරයන් ආර් එම් ටී බී රත්නායක සහ ඇඟිලි සළකුණු සොයාගත් ප්‍රධාන පොලිස් පරීක‍ෂක නිලබ්දීන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්වූයේ නැත. ජීවිත තර්ජන එල්ලවූ නිලබ්දීන්ව ගල්කිස්ස පොලිසියේ පැත්තකට කර දමා තිබූ අයුරු අප දුටුවෙමි. ඔහු රාජකාරි කළ ස්ථානය  ́ඹ්ම ත්‍රස්තයකුට පැමිණ වෙඩි තබා මරා පැනයෑමට හැකිවන තැනක් විය. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com