www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අසැබි ඡායාරූප එවන්නැයි තරුණියන්ට බලකල තරුණයෙකු අත්අඩංගුවට


2022-01-23 08:12:08 -  380 යි

ලංකාවේ තරුණයෙක් මෙල්බර්න් ගිහින් කරපු වරද

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවන්නැයි තරුණියන්ට බලපෑම් කල මෙල්බන් වාසය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වරද පිළිගෙන තිබේ.

රන්පති අමරසිංහ නම් 24 හැවිරිදි මොහු Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හදාරා මේ වනවිට Bridging visa බලපත්‍රයකින් සිටින්නෙකු බව වාර්තා වේ.

මොහුට එරෙහිව චෝදනා 25 ක් ගොණු කර ඇති අතර එම සියල්ලට ඔහු වරද පිළිගෙන තිබේ.

ඇතැම් තරුණියන් විසින් ඡායාරූප එවීම ප්‍රමාද කල විට, ඔවුන් මීට පෙර එවන ලද ඡායාරූප දන්නා හඳුනන වෙනත් අයට යවන බවටද සැකකරු විසින් තර්ජනය කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත.

Instagram සහ Snapchat ආදී සමාජ ජාලවල විවිධ ව්‍යාජ නම් යොදාගනිමින් මොහු වයස අවුරුදු 10 ක් වැනි ලාබාල දැරියන් පවා හිංසනයට ලක්කර ඇතැයි ෆෙඩරල් පොලිසිය විසින් තහවුරු කර තිබේ.

Victoria’s County Court හමුවේ මොහුට එරෙහිව දඩුවම් නියම කිරීම ලබන පෙබරවාරි 24 වනදා සිදුකිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com