බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
සොයාගත් ගිනි අවි අතර පිස්තෝල හතරක් රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හඳුණා ගත නොහැකි ගිනි අවියක් තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇබිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.