www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනුරපුර මල් විකුණන දැරියට පහුගිය පෝය දින චීවරධාරියා හදි කරලා


2022-01-19 10:39:25 -  821 යි

අනුරාධපුර පූජා නගරයේ පෙත් මග ආසන්නයේදී දස හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළ චීවරධාරියකු දුරුතු පොහොය යෙදුණු පෙරේදා (17 දා) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පන්සලක වැඩ සිටින තිස් නව හැවිරිදි චීවරධාරියෙකි.මල් වෙළෙඳාමේ නිරත සිය මව සමග සිටි මෙම දැරිය කිරි පැකට් දෙකක් මිලදී ගැනීම සඳහා ඒ අසල වෙළෙඳ සලකට මව විසින් යවා ඇති බවත්, මුදල් මදි වීම හේතුවෙන් එක් කිරි පැකට්ටුවක් පමණක් මිලදී ගෙන එන අතරවාරයේ දී දැරිය පසුපස චීවරධාරියකු ද පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය. පසුව දැරිය හඩා වැළපෙමින් තම මව අසලට පැමිණ චීවරධාරියා  තමාගේ කරට අතක් දමා ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පැන දිව ආ බව මවට පවසා ඇතැයි පොලිසිය සඳහන් කළේය. එම අවස්ථාවේදී මවගේ කෑ ගැසීම හමුවේ එක්රොක් වූ පිිරිස් දිව ගිය චීවරධාරියා අල්ලා ගෙන උඩමළුව පොලිසියට භාර දී ඇත. අනතුරුව, අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කර තිබු‚.

අතවරයට පත් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණි. අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු‚.අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විෙජ්රත්න මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මියගේ උපදෙස් මත පො.සැ. දයානන්ද (28163) මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com