www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති අභාවප්‍රාප්ත වෙයි (PHOTOS)


2022-01-19 09:42:49 -  285 යි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසු විය.

1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩී මෙන්ඩිස්) මහතා 1951 වසරේ අගෝස්තු මස 8 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ (Royal Ceylon Air Force) පස් වන ආධුනික නිලධාරියා ලෙස රාජකීය ලංකා ගුවන් හමුදාවට එක් වී තිබේ.

අනතුරුව ඔහු මූලික පුහුණුව හා ගුවන් නියමු උපදේශක පුහුණුව එක්සත් රාජධානියේදී ලැබූ අතර එවකට බලපන්ති ලුතිනන් (Flying lieutenant) පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද විය.

ඉතා දක්ෂ නිලධාරියෙකු වූ එයාර් චීෆ් මාර්ෂල් ඔහු 1971 වසරේ ජනවාරි මස 1 වන දින රාජකීය ලංකා ගුවන් හමුදවේ සිව් වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ අතර එතුමන් රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජිවිතය ආරම්භ කරමින් එම හමුදාවේ ම ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ පළමු ශ්‍රී ලංකිකයා ද විය.  

වර්ෂ 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීම ත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය.

ඒ සමග ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදා‍ධිපතිවරයා ලෙස එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා ඉතිහාස ගත විය.

අභාවප්‍රාප්ත වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (ජන. 19) පස්වරු 2.00ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේදී පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com