www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩොලර් හිඟය අස්සේ කෆීර් කොටස් ටෙන්ඩරයක්


2022-01-17 12:55:02 -  278 යි

ශ‍්‍රී ලංකාවට අවශ්‍ය භාණ්ඩ මිලයට ගැනීම සඳහා විදේශ විනිමය සංචිත අඩු වී තිබියදී කෆීර් ප‍්‍රහාරක යානා පහක් සඳහා අමතර කොටස් සහ ඇන්ටෙනා මිලයට ගැනීමට ගුවන් හමුදාව ටෙන්ඩර් කැඳවා ඇත.

එහෙත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය මස ඊශ‍්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සම`ග ඩොලර් මිලියන 50ක ගිවිසුමක් අත්සන් කරමින් කෆිර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීමට ක‍්‍රියාකර තිබේ.

එම නවීකරණය යටතේ එම කෆිර් ප‍්‍රහාරක යානාවලට සියලූම අමතර කොටස් සවිකරන බව ඊශ‍්‍රායල් ආරංචි මාර්ග හෙළි කළේය.

එවන් පසුබිමක් මැද විදේශ විනිමය වැය කරමින් කෆිර් ප‍්‍රහාරය යානා සඳහා අමතර කොටස් මිලයට ගැනීමට ටෙන්ඩර් කැඳවීම දැඩි විමතියට හේතු වී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com