www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනේදී බස් රථයකට ප්‍රහාරයක්.. දෙදෙනෙක් රෝහලට…


2022-01-06 11:03:00 -  399 යි

යාපනය නෙල්ලිඅඩි පොලිස්වසමේදී ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊයේ රාත්‍රියේ ලංගම බස් රථයක රියදුරෙකුට සහ කොන්දොස්තර වරයෙකුට සිදුකල පහරදීමකින් ඔවුන් දෙදෙනා රෝහලගත කොට ඇති බවට පොලීසිය පවසයි.

04 රාත්‍රියේ නෙල්ලිඅඩි බස් නැවතුම්පලේදී නාදුනන පරිසක් එකවරම නෙල්ලිඅඩි පේදුරුතුඩුව මාර්ගයේ ධාවනය වූ බස් රථයක් නවතා රියදුරුට සහ කොන්දොස්තරවරයාට අමානුෂිකව පහරදී පලා ගොස් ඇති අතර රියදුරු සහ කොන්දොසතර වරයා තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

අදාල පහරදීම සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසියට සිදුකල පැමිණිල්ලක අනුව පොලීසිය විසින් පහරදීම් සමබන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අද අලුයම පේදුරුතුඩව සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට නෙල්ලිඅඩි පුරාපුරොක්කි මංසන්ධියේදී ගල් ප්‍රහාර දෙකක් කිසියම් පිරිසක් විසින් එල්ල කොට පලා ගොස් ඇති අතර ඉන් බස් රථයේ ගමන්කල කිසිවෙකුටත් හානි සිදුවී නොමැති වුවත් බස් රථයේ ඉදිරිපස වීදුරුවලට හානි සිදුව තිබුණි.

අදාල ගල් ප්‍රහායන් පිළිබඳවද පුලුල් පරික්ෂණයක් නෙල්ලිඅඩි පොලීසිය විසින් ආරම්භ කොට ඇති අතර කලක සිට දෙපාර්සවයක් අතර පවතින් පෞද්ගලික ආරවුලක් මෙම ප්‍රහාරයන්ට හේතුවී ඇතැයි පොලීසිය සැක ල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com