සුගියදා උතුරේ සංචාරයක යෙදුනු ස්වීඩනයේ වෙසෙන ද්‍රවිඩයෙක් උතුරේ සී.සී.ටී.වී පද්ධතිය විශාල ලෙස ස්ථාපිතව තිබීම ගැන විස්මයට පත්විය.
ඔහු මේ ගැන විමර්ශනය කිරීමේදී රහස් හෙළිවිය. මේ සීසීටීවී පද්ධති තමිල්නාඩු විද්‍යුත් සබඳතා මත බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්වීඩනය ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සමඟ සබදතා පවත්වනවා. මේ සම්බන්ධතාවයට (ලින්ක්) නිසා උතුරේ සිදුවන ́ඕනෑම සිද්ධියක් එකී රටවල්වල සිටින කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ට බලාගත හැකියි. එහෙත් අපේ බුද්ධි අංශ මේ ගැන අවධානය යොමු කර නැත.
උතුරේ කොටි හිතවාදී මාධ්‍ය මේ අන්තර්ජාල විදේශ සම්බන්ධතාවයට එක්වී සිටිනවා. ආරකෂක අංශවල ඕනෑම කි‍්‍රයාමාර්ගයක් මේ විදේශ සම්බන්ධතාවය නිසා එම රටවල සිටින අයට දැකගැනීමට හැකි වෙනවා යැයි හෙතෙම පළකළේය. මෙම විදේශ රටවලට තොරතුරු යැවීමේ කි‍්‍රයාමාර්ගයට මසකට රුපියල් 5000ක මුදලක් අයකෙරෙන බවද හෙළිවී ඇත. එසේම අධිතාකෂණ සම්ප්‍රේෂණ උපාංග පවා උතුරේ පාර්ශ්ව සතුව ඇතැයි හෙළිවී තිබේ.
උතුරේ ස්ථාපිත ඇතැම් සීසීටීවී පද්ධති තමිල්නාඩුවේ සීසීටීවී පද්ධති සමඟද සම්බන්ධ බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. මෙලෙස උතුරේ සිට ක්‍රයාත්මක වන වීඩියෝ සම්බන්ධතාවය ගැන මෙරට බලධාරීන් මේ දක්වාම විමර්ශනය කර නොමැත. මේ වීඩියෝ සබදතා ගැන තහවුරු වූයේ චීන තානාපති සෙන් හොන්සොන්ගේ යාපනය සංචාරය මොහොතක් තුළ තමිල්නාඩුවේ රූපවාහිනි සේවාවන් විසින් විකාශනය කිරීම හේතුවෙනි.