වෙන අවුරුදුවල මෙන් මෙම වසර කිහිපය තුළ මහවිරු සැමරුම් සැමරීමට ඉඩ නැත. මුල්ලිවෛයික්කාල්හි පහනක් පත්තු කළත් බෝඩ් එකක් අල්ලන් වීඩියෝවක් කලත් එය ඔවුන්ට ඉතා ඉහල සැමරුමකි. එම ක්‍රියාව කරන පුද්ගලයාටද සැලකිය යුතු මුදලක් සොයාගැනීමට පුළුවනි.
සැලසුම් සහගතව ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත්කිරීමට ගත් උත්සාහයක් පිලිබදව අද අපට දැනගන්නට ලැබුණි. කුණු රසයටම ගිජු වූ පාඨකයන් වෙනුවෙන් කරුණු හරිහැටි නොදත් මාධ්‍යත් මෙම පුවත සබැදිව කරුණු එක් එක් ආකාරයෙන් වාර්ථා කර තිබූ හෙයින් ඒම ස්ථානයේ සිදු වූ සත්‍ය සිදුවීම ගැන අප කරුණු සොයා බැලීමක් කලෙමු....
සිදුවීම මෙසේය - රතුපාට ෂර්ට් එකක් ඇදගත්තු පුද්ගලයෙක් බයික් එකකින් ඇවිත් මුල්ලිවෛයික්කාල් බෝඩ් එක අල්ලගෙන වීඩියෝ එකක් කරනවා. ඒක දැකපු හමුදා සෙබලෙක් ඇයි ඔයා බෝඩ් ඒක වීඩියෝ කරන්නෙ කියල අහනවත් එක්කම මෙම පුද්ගලයා බය වෙලා වීඩියෝ කරගෙනම පස්සෙන් පස්සට ගිහින් එයා ආපු බයික් ඒකෙම වැදිලා බයික් එකත් පෙරලගෙන වැටිලා ඒතන තිබුන කටුකම්බි වැටෙත් වැදිල තුවාල වෙනවා. මෙම පුද්ගලයා බයේ දුවනකොට හමුදා සෙබලුන් මොහුව අල්ලා ගැනීමට උත්සාහ කරනවා. ඒතනදි හමුදා සෙබලුන්ගෙ ඇදුම් වලත් ලේ ගෑවෙනවා. මෙම සිදුවීම අතරතුර හෝ සිදුවීමෙන් පසුවවත් මොහු මාධ්‍යවේදියෙක් බව නම් ප්‍රකාශ කරලා නැහැ.
මේ සිදුවීම වෙනවත් සමගම එතනට තවත් මාධ්‍යවේදියෙක් සමග පිරිසක් ඒනවා. එතනදි මෙම පුද්ගලයා මාධ්‍යට වොයිස්කට් ඒකකුත් දීලා තියෙනවා. හමුදා සෙබළුන් කටු කම්බි ඔතපු පොල්ලකින් පහරදීමෙන් අසාධ්‍යව ලංකා ශ්‍රී ආයතනයේ මාධ්‍යවේදියෙක් රෝහල් ගත කලා කියලා මාධ්‍ය වල පළ කරනවා. ඒ් වගේම කටු කම්බි ඔතපු පොල්ලක් එම ස්ථානයට ගෙනැවිත් දැමීමෙන් මෙම ක්‍රියාව සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට තහවුරු වෙනවා.
ශ්‍රී ලංකා රජයෙන් හෝ හමුදාවෙන් දමිළ ජනතාවට කෙනෙහිළිකම් වන බව පවසා විදේශීය රටවල පුරවැසිභාවය ලබාගැනීම සදහා අයදුම් කල හැකි එක් පහසුම ක්‍රමයක් බැවින් මෙම පුද්ගලයාද ඒවැනි ක්‍රියාවක් සිදුකරන්නට උත්සාහ දරන්නට ඇතැයි සිදුවීම ගැන කරුණු විමසා බැලීමේදී අපට හැගී යන ලදි. එබැවින් මේ සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකර මෙවැනි තක්කඩි ක්‍රියා තවත් නොකරන්නට මොවුන්ට දඩුවම් කල යුතුව ඇත..