පනාමුර පොලිස් සිර මැදිරියේ රදවා සිටි පුද්ගලයකු අද 17 පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.
තමන්ට හා තම දියණියට පහරදෙන බව පවසා මිය ගිය අයගේ බිරිද පොලිසියට කල දැනුම් දීමකට අනුව ඊයේ (16) රාත්රී අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා සිටියදී ගෙල වැල’ලාගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
පනාමුර වැලිපොත යාය පදිංචි කරලහින්ගේ ඉන්දික ජයරත්න නම් අයෙක් මෙලෙස මිය ගොස් ඇත.
මෙම මරණය සැක සහිත බව පවසමින් දහසකට අධික පිරිසක් මේ වනවිට පොලිසිය අසළට රැස්ව විරෝධය දක්වන අතර ඔවුන් පොලිස් ස්ථානයට ඇතුළු වීමට පවා උත්සහ කරන බව වාර්තා වේ.