දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී සොයාගෙන තිබේ.
ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව කියන මෙම අර්තාපල් ගබඩාවේ තැන්පත්කර කාන්තාවන් යොදා පැළ වී ඇති අර්තාපල්වල රිකිලි කඩා දමා නෑ නැවත වෙළෙඳ පොළට යැවීමට සකස්මින් තිබිය දී සොයාගෙන ඇත.
මෙම අර්ථාපල් කන්ටේනරය තුළ අර්ථාපල් කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත්, ඒවා සියල්ල කන්ටේනර් රථය තුළ ම බෙහෙවින් නරක් වී පැළ වී ඕජස් ගලන මට්ටමේ තිබෙන බවත් නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදු කර ඇති බවද පැවසේ.