www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජල ටැංකියක් යුදහමුදාවෙන් පුපුරවා බිම හෙලයි…


2021-11-17 08:30:58 -  1146 යි

මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් පියවර ගනු ලැබීය.

කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි අදාල ජල ටැංකිය යුදසමයේදීද වෙඩි ප්‍රහාරයන්ට ලක්වද දැඩි අබලන් තත්වයක තිබීම හේතුවෙන් අය පරිහරනයක් නොකල අතරම ජලටැංකිය ජනතාව ගමන්කරන මාර්ගයක් අබියස පිහිටීමත් හේතුවෙන් කඩා වැටීමට ආසන්නව තිබීමෙන් මාර්ගයේ ගමන්කරන ජනතාවට දැඩි අවධානම් තත්වයක් විය.

ඒ පිළිබඳව ගම්වාසීන් විසින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී මාර්ගයෙන් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා මන්නාරම 54 සේනාංකය වෙතට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම සේනාංකයේ යුදහමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාල ප්‍රදේශයට පැමිණ මන්නාරම් දිසාපතිනි ස්ටෑන්ලිද මෙල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආපදාකලමනාකරන නිලධාරීන්ගේද අධීක්ෂණයන් පරිදි ප්‍රදේශයේ ජනතාව ඉවත් කොට ජලටැංකියට පුපුරණද්‍රව්‍ය යොදා පුපුරවා හැර බිමහෙලීමට පියවර ගන්නා ලදි.

මේ අතර ජල ටැංකිය බිම පතිත වීමෙන් අනතුරුව එහි තුල සිටි ඉතා දුර්ලබ ඝනයේ බකමූනෙකුද බේරාගෙන මන්නරම් වනජීවි නිලධාරීන්ට භාරදීමටද ගම්වාසීන් පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com