www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගාල්ලේ පාසල් 28ක දරුවන් 64 කට කොව්ඩ්, එක් දරුවෙකු මියගොස් ද තිබෙනවා .


2021-11-16 11:53:41 -  714 යි

කොවිඩ් ආසාදනය වූ අවුරුද්දයි මාසයක් වයසැති දරුවෙක් ජීවිතක්ෂයට

ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී එම දිස්ත්‍රික්කයේ පාසල් 28ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පාසල් දරුවන් 16 දෙනෙකුට, යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ 5 දෙනෙකුට ආදි වශයෙන් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com