www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිරිල් ගාමිණී පියතුමන් දෙවන දිනටත් සී.අයි.ඩී.යට


2021-11-16 09:13:55 -  546 යි

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එම පියතුමන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඊයේ පෙරවරුවේ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, එහිදී එතුමන්ගෙන් පැය අටකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව අද යළිත් කැදවීමට නියමිතයි.

නඩුවට නොපැමිණි විත්තිකරුවන් සිව් දෙනාට අධි චෝදනා භාරදීම, විත්තියේ ඉල්ලීම සලකා බැලීම සහ ඊට අදාළ නඩුව විභාගයට දින නියම කිරීම ද අද සිදු වනු ඇති.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහඳගමගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනෙන අතර, එහි සෙසු විනිසුරුවරුන් වන්නේ ජයකි ද අල්විස් සහ එස්. ඉන්ද්‍රිකා කාලිංගවංශයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com