www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

චීන පොහොර සමාගම ලංකාවෙන් ඩොලර් මිලියන අටක වන්දි ඉල්ලයි


2021-11-08 08:33:18 -  266 යි

විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල උල්ලංඝනය කරමින් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සහ සාවද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල පිළිබද වැරදි ප්‍රචාරණයන් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික ශාක නිරෝධායනයෙන් ඩොලර් මිලියන අටක වන්දි ඉල්ලා මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ජාතික නිරෝධායන සේවයේ නොසැළකිලිමත් ක්‍රියාකලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට අලාභයක් සිදුව ඇති බවයි ඔවුන් අදාළ එන්තරවාසිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට ලබාදීමට රැගෙන ආ හිපෝ ස්පිරිට් නෞකාවේ අඩංගු කාබනික පොහොරවල අර්වීනියා නම් හානිකර බැක්ටීරියා නොමැති බවත් එහි ඇතුළත් වන්නේ ඉතා ආරක්ෂිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් කාබනික පොහොර බවත් චීන ක්වින්ඩාඕ සීවින් සමාගම එම එන්තරවාසියෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම එන්තරවාසිය ලැබී දින තුනක් තුළ අදාළ වන්දි මුදල් ගෙවිය යුතු බවට ද එහි සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අදාළ එන්තරවාසිය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් අප ජාතික නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චිගෙන්ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මේ දක්වා එය නිල වශයෙන් තමන් වෙත නොලැබුණු බවයි.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com