මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මත්ද්‍රව්‍ය ගෙන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් හඳුනාගැනීම සඳහා පුළුල් බුද්ධි සේවයක් රට පුරා ම ක්‍රියාත්මක කර ඇත.
මෙවන් දූෂිත නිලධාරීන් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ වන විටත් දන්වා ඇතැයි වාර්තාවේ.
මීට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් නොයෙකුත් විමර්ශන ඒකක මගින් දිගින් දිගට ම අත්අඩංගුවට ගැනීමත් සමග ය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගන්නා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඔවුන් හඳුනාගැනීම සඳහාත් බුද්ධි නිලධාරීන් යොදවා පොලිස්පතිවරයාට වාර්තා කිරීමත් ඒ අනුව සිදුවේ.