හොලිවුඩ් චිත්‍රපටියක දුෂ්ඨයාට ඇන්ද තරුණයා මලවුන් සමරන්න කළ බිහිසුනු අපරාධය
දුම්රියක සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධියට අදාළව 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර තරුණයා ලෝක ප්‍රකට ජෝකර් චිත්‍රපටයේ බැට් මෑන් චරිතයට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කළේ, සැකකරු දුම්රිය මැදිරි තුළට යම් දියරයක් ඉස ගිනි දල්වා ඇති බවයි.
මේ අතර ගිනි දැල් අතරින් දුම්රිය මගීන්, මැදිරි කවුළුවලින් පිටතට පළා යන ආකාරය සී. සී. ටී.වී දර්ශනවල ද දැක්වෙන බව විදෙස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
“මම හිතුවේ ඒක හැලොවීන් ස්ටන්ට් එකක් කියලා, ඊට පස්සේ මම දැක්කා මිනිහෙක් දිග පිහියක් හෙමින් හෙමින් වන වනා මේ පැත්තට එනවා‘‘. මෙම ප්‍රහාරය ඇසින් දුටුවකු Yomiuri පුවත්පතට පවසා ඇත. “
තමන්ට මරණ දුඩුවමට ලක්වීමට ඇති වුවමනාව නිසා මින්සුන් මරා දැමීමට සිතූ බව සැකකරු විසින් බලධාරීන්ට පවසා ඇති බව එරට මාධ්‍යවාර්තා කර තිබුණි.
ජපානයේ මෙවැනි ප්රචණ්ඩ අපරාධදුර්ලභ නමුත් මෑත වසරවලදී දරුණු මට්ටමේ පිහි ප්‍රහාර ගණනාවක් සිදුවී ඇත.
අගෝස්තු මාසයේදී ටෝකියෝවේ මගී දුම්රියක පුද්ගලයෙකු විසින් පිහියක් යොදාගෙන කළ පහරදීමකින් දස දෙනෙකු තුවාල ලැබීය. 2019 දී, කවාසාකි හි බස් රථයක් එනතුරු සිටි පාසල් සිසුන් පිරිසකට ද පුද්ගලයකු පිහියකින් පහර දුන් අතර, එහිදී දෙදෙනෙකු මිය ගොස් තවත් 18 දෙනෙකුට පමණ තුවාල සිදුවිය.
වීඩියෝ – https://www.bbc.com/news/world-asia-59103664
උපුටා ගැනීම- බීබීසී