www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පයාගල පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කළ, ව්‍යාජ CID අධ්‍යක්ෂ අත්අඩංගුවට


2021-10-25 08:12:48 -  201 යි

පොලීස් දෙපාර්තමේන්වේ උසස් නිලධාරියෙකු බව පවසමින් සිය පුත්‍රයා නිදහස් කරන්නැයි ඉල්ලා පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් එල්ල කළ පියෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පහරදීමකට අදාළ සැකකරුවෙකු නිදහස් කරන්නැයි ඉල්ලා දුරකථන ඇමතුමකින් මෙලෙස බලපෑම් එල්ල කර ඇත්තේ පයාගල පොලිසියේ ස්ථානාධිපතිවරයාටයි.

පයාගල - වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ තරුණයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අදාල තරුණයාගේ පියා විසින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බව පවසමින් පසුගිය 22 වන දා පයාගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී තිබෙනවා.  

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් කරන ලෙසයි.

නැතහොත් තමාට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කරන බව සැකකරු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබදව රාජකාරී සටහනක් ද යොදා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පසුව සිද්ධියට අදාළව දෙපාර්ශවයම පොලීසියට කැදවන්නේ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අහඹු ලෙස රහස් පොලීසියේ අධයක්ෂවරයා බවට පවසමින් ලැබුණු දුරකථන ඇමතුමට ඇමතුමක් ලබාගෙන තිබුණා.

එහිදී පොලිස් ස්ථානයේ ගැටුමට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගේ පියාගේ ජංගම දුරකථනය නාද වී තිබෙනවා.

එම අවස්ථාවේදී හෙළි වූයේ ඔහු විසින් මෙලෙස ඇමතුමක් ලබාදී ව්‍යාජ අන්දමින් රඟපෑමක් සිදුකර ඇති බවටයි.

සැකකරු අත්අඩංගුවට ගෙන මේ මස 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබුණේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com