www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එරාවුර්හිදී නිල ඇඳුමේ බලය අවභාවිත කළ පොලිස් කොස්තාපල්ට වෙච්ච දේ


2021-10-24 08:21:25 -  267 යි

යතුරු පැදිකරුවෙකුට පහර දුන් එරාවුර් පොලිස් ස්ථානයට අනුබද්ධ රථ වාහන ⁣පොලිසියේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද (ඔක්. 23) උදෑසන එරාවුර් පොලිසිය මගින් සැකකාර පොලිස්  කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බව ය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ වන විට ඔහු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

එරාවුර්හි රිය අනතුරක් සිදුවූ ස්ථානයක මැනීම් කටයුතු සිදු කරමින් සිටි අදාළ කොස්තාපල්වරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කර ඇති අතර එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර තිබේ.

අදාළ කොස්තාපල්වරයා එම යතුරුපැදිය පසු පස හඹා ගොස් අනතුරුව යතුරු පැදිය නවතා මෙම පහරදීම සිදු කර ඇති අතර අදාළ සිදුවීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා යමෙකු මුදා හැර තිබුණු බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com