www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෆේස් බුක් එකින් දැන පුතා නිවසට කැන්දාගෙන ආ ලේලි එල්ලී මැරුණලු සලකුණු නෑලු


2021-10-21 10:31:56 -  335 යි

ෆේස්බුක් ඔස්සේ අහම්බෙන් දැනහඳුනාගත් කන්තලේ ප්‍රදේශයේ රූමත් තරුණියක හා පෙම් සබඳතාවයක් ඇති කරගත් බලන්ගොඩ තරුණයෙකු ඇයව ඔහුගේ මව ඇතුළු පවුලේ අයට හඳුන්වාදී නිවසේ නතර කරගෙන දින 12 ක් පමණ එකට ජීවත්වෙමින් සිටියදී අභිරහස් ලෙස නිවසේ කාමරයක් තුළදී මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසකදී මෙලෙස මියගොස් තිබුනේ දුෂානි ප්‍රියන්කා නමැති 21 හැවිරිදි තරුණියකි.
මරණය සිදුව ඇත්තේ ඇය හා හාදවූ 24 හැවිරිදි තරුණයා නිවසේ නොසිටි අවස්ථාවක වන අතර ඇයගේ මරණය සියදිවිනසාගැනීමක් ලෙස තරුණයාගේ මව හඳුන්වාදී ඇතත් සාක්ෂි සැකකටයුතු බව පොලිසිය පවසයි.
 පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ එම තරුණයා නිවසේ නොමැති වෙලාවේ මෙම මරණය සිදුව ඇත.

තරුණයාගේ මව පවසන්නේ තරුණියට රාත්‍රි ආහාර ගැනීමට කතාකළ නමුත් ඇය සිටි කාමරය වසා තිබීම හා කිසිදු සද්දයක් නොමැතිවීම ගැන සැක මතුවූ බවයි. පසුව තරුණයාගේ සහෝදරයා හා  ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව කාමරයේ දොරගුළු කඩා බැලූ බවත් එම අවස්ථාවේ තරුණිය කාමරය තුළ කඹයකින් එල්ලී සිටිනු දුටු බවත් ඇය බේරාගැනීම සඳහා කඹය කපා ඉවත් කළ බවත්ය.
නමුත්, සිරුර පරික්ෂා කිරීමේදී බෙල්ලේ කඹයක්⁣  රැඳී ඇති සලකුණු නොතිබුණ බව පොලිසිය පැවැසීය.
මෙම තරුණිය රදමිනගර්, මුල් පනාන කන්තලේ ලිපිනයේ පදිංචිකාරියක වූ අතර ‘හේරත් මුදියන්සේලාගේ දුෂානි ප්‍රියංකා‘ නම සඳහන් හැඳුනුම්පතක් හමුවී ඇත.
මෙම තරුණිය ෆේස් බුක් පෙම්වතා සමග එකට ජීවත්වීම සඳහා ඇගේ කන්තලේ නිවසේ අයට රහසින් පළාආ තරුණියක බවට කරුණු අනාවරණයවී ඇත. ඇය හා තරුණයා ලියාපදිංචි විවාහයක් සිදුකරගෙන නොතිබූ අතර ඉදිරි දිනයක එවැන්නක් කරන්නට සිතා සිටි බව පමණක් තරුණයා පවසා තිබුණි. කෙසේ නමුත්
තරුණයාගේ නිවසේ අය තරුණිය මෙලෙස එකට ජීවත්වීම අනුමත කර නැතැයිද පැවසේ.

ඇය තරුණයා නොමැති අවස්ථාවේ මේ ආකාරයට සියදිවිනසාගත්තේ කවර කාරණාවක් නිසාදැයි පැහැදිලි නොමැති අතර දැනට ලැබෙන සාක්ෂි අනුව එය ඝාතනයක් විය හැකි බවටද කරුණු මතුවෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් මරණය සිදුවූ ස්ථානයේ අසල්වාසීන්ගෙන් හා පවුලේ අනෙක් උදවියගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.එම්. චන්ද්‍රසේන විසින් ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චතුරංග විසින් අධිකරණ වෛද්‍ය පරික්ෂණය පැවැත්වීය. පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (20 වැනිදා) බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com