සිසුවියකගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන මුදල් ඉල්ලා තර්ජනය කළ තරුණයෙකු අත්අඩංගුවට
|

2021-10-18 11:33:52
- 740
යි
පාසල් සිසුවියක රවටා අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීමට තැත් කළ තරුණයෙකු දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලෙන්බිදුණුවැව ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
දඹුල්ල ප්රදේශයේ පදිංචි පාසල් සිසුවියක රවටා ඇයගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන පසුව රුපියල් 45,000ක් ලබාදෙන ලෙසට මොහු තර්ජනය කර තිබෙනවා.
එහි දී අදාළ සිසුවියගේ මව, දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව මෙම පාසල් සිසුවිය මාර්ගයෙන් සැකකරු දඹුල්ල ප්රදේශයට කැඳවා, පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු තවත් තරුණියන් සමඟ ලබාගත් ඡායාරූප විශාල ප්රමාණයක් එහි තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|