තම නිවස අසලට සුදු වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් සැකකටයුතු ලෙස හැසිරුනේ යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පොලීසියට පැමිණිලි කර ඇත.
මේ හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් ඇතැයි සැකය මත මෙම පැමිණිල්ල කළ බවද ඔහු පැවසීය.
තම නිවස පිටුපසින් වැටී ඇති මාර්ගයේ පසුගිය බ්රහස්පතින්දා දින පෙරවරුවේ එම වෑන් රථය පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
තම නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා ද එයින් බැස ගත් පුද්ගලයෙකු ගේට්ටුවෙ අංකය පරික්ෂා කර ‘මේක තමයි ගේ’ යයි පවසා ආපසු ගොස් ඇතැයි අසල්වැසියකු දැක එය තමාට දැනුම් දුන් බව ද ඒ මහතා කීය.
තමන්ට ජීවිත තර්ජන ඇතැයි මසකට පමණ පෙර රහස් පොලිසියට පැමිණිල්ලක් කළත් මේ දක්වා ඒ පිළිබඳ තමා ගෙන් ප්රකාශයක් වත් ලබා ගෙන නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.