www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හමුදා බස් රථයක් ලොරියක ගැටී අනතුරක්.. සෙබලුන් පිරිසක් තුවාල ලබා රෝහලේ..


2021-10-04 09:19:01 -  266 යි

වව්නියාව භූඔය පාලම අසල පිහිටි සෝදිසි මාර්ග බාධකයකය අසලදී යුදහමුදාව ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබලුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවට මැදවච්චිය පොලීසිය පවසයි.

අනුරාධ පුර සිට කිලිනොච්චිය දෙසට යුදහමුදා සෙබලුන් රැගත් බස් රථයක් ධාවනය වූ අවස්ථාවේදී භූඔය මාර්ග බාධකය අසලදී නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ සිටි සෙබලුන් සිව් දෙනෙකු තුවාල ලබා ඔවුන් ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට රැගෙන ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී පැවති අධික වර්ෂාව හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් ලොරි රථයේ පිටුපස ගැටී ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

අනතුරින් යුදහමුදා බස් රථයටද දැඩි හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ සෙබලුන්ගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදුකරන මැදවච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com