යාපනය කොඩිකාමම් කුඩමියන් ප්රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් ඊයේ (16) දින හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසනවා.
කුඩමියන් ප්රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ පිහිටි තල්ගසක් ආසන්නයේ මෙම ක්ලේමෝ බෝම්බ සඟවා ඇති බව ප්රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී කිලෝ 10 ක් බරැති සහ කිලෝ 15 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගනු ලැබුවා.
අදාළ ක්ලේමෝ බෝම්බ දෙක එම ස්ථානය කිසියම් පුද්ගලයෙකු රැගෙනවිත් සඟවා යන්නට ඇති බවට සැක සහිත බවටත් ඒ පිළිබඳව පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.