www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ටුවරිසම්වලින් අපි ඉවත් කිරිම ද මේ...


2021-08-18 07:22:56 -  917 යි

අද SLTDA එකේ දැනට 1150 ආසන්න DMC ප්‍රමානයක් ලියාපදිංචි වෙලා තියෙනව, මින් DMC 10 ක් පමන ප්‍රමානයක් තමයි කොවිඩ් පැන්ඩමික් එක තුල පසුගිය අවුරුදු 2 ක් තිස්සේ ලංකාවට ආපු ටුවරිස්ල ටික ගෙන්නුවේ.

මේ DMC ආන්ඩුවට සම්බන්ධ ගජමිතුරු හා ඥාති සම්බන්ධ කොම්පැනි , රුසියාවෙන් සංචාරකයින් ගෙන්වන මහත්තය , SLTDA එකේ නෝන මහත්තරුන්ගේ දුක සැප බලන ලොකු හෝටල් චෙන් අයිතිව තියෙන කොම්පැනි හා අනුබද්ධ DMC යනාදී වශයෙන්.

කෝවිඩ් ව්‍යසනයෙන් පසු සංචාරකයින් ගෙන්වීමේ ක්‍රියාවලිය තුල අවස්ථා කිපයකදිම සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වෙනව . ඒනම් සංචාරකයින් සදහා වීසා නිකුත් කිරිමේදී ,
 සංචාරකයින් මෙරටට පැමිණිමේදී අනිවාර්ය කෝවිඩ් ඉන්ෂුවරන්ස් 12$ හා PCR ටෙස්ට් 40 $ ගෙවීම යනාදී කරුණුවලදී.

ETA මගින් වීසා ඉල්ලන සංචාරකයින් ගේ විස්තර ඇතුලත් ඔන්ලයින් ඇප්ලිකේෂන් දෙකක් SLTDA එක වෙත යවා ඔවුන්ගේ අනුමැතියට යටත්ව immigration එක දැනුවත් කරනව
ඒ සංචාරකයින්ට on arrival visa නිකුත් කරන ලෙස. මේ සියල්ල පිළිවෙලින් Clients ගෙන් DMC මගින් SLTDA මගින් immigration on arival visa to Client ඉතින් මේ ක්‍රීයාවලිය සිදු කිරිමට ගතවන කාලය හා ඒ තුල පවතින technical issues ප්‍රායොගික අත්විදින්න පුලුවන් ඒ සදහා ඉල්ලුම් කර කෙනෙකුට පමණයි .

හෙට හො අනිද්දා (Last minute )ලංකාවට එන්න ඉන්ට් ටුවරිස් කෙනෙක්ට මළාට එන්න බෑ ඔය කියන priorities ඒජන්ට් කෙනෙක් ගෙන් තොරව.

උදාහරණයක් හැටියට ලියාපදිංචි DMC එක්දහස් ගානෙන් DMC 500 ක් සතියක් ඇතුලත එක DMC එකකින් ටුවරිස්ල 10 ක් ගෙන්නන්න සබාපතිතුමිය හදුන්වල දීල තියෙන වීසා ක්‍රීයාවලිය තුල ඉල්ලුම් කලොත් ! අපි සදා අනාත වෙනව සයිබර් අවකාශය තුල.

මණ්ඩලේ කෙරුවා ටෙස්කොරන්න අපි රියසල් කරල තියෙනව ඕන තරම්. අපිට අපේ Clients ල නැති කරගන්න බැරි නිසා ,අපිට ලැබෙන ඉන්කුවරීස් වලදි අපේ clients ලව බැලන්ස් කරල එයාලගේ holiday එක කල් දම්ම ගන්නව. ඇතැමෙක් සමහරවිට වෙන රටකට යනව.

පැය ගනන් හොල්ඩ් එකේ ඉන්දන අපිට ටෙලිපෝන් කෝල් එකකට සම්බන්ධ කරගන්න බැරි අදාළ නිලධාරීන් , වට්ස්සප් මැසෙජ් එකට රිප්ලයි නොකරන ඒ අදාළ විෂය බාර මහත්තරු ,
අර සෙට් එකෙන් කෙනෙක් ඒයාලගෙ personal නොම්මරේට කථා කරාම , කියන්න සැර් කියල අවශ්‍යතාවය ඉටුකරල දෙන්නේ වෙන මොකක්ද වෙන්න ඕන කියල තමයි අවසන් කරන්නේ .

අපි ගෝඨාභය ජනාධිපතිතුමාට කියන්නේ ලංකාවට ඩොලර් අවශ්‍යම මොහොතේ මේ හිතුවක්කාරිගෙ ටුවරිස්ලට විසා ලබාදෙන සිස්ටම් එක ලිහිල් කරල සියලු DMC වලට එකම හැන්දෙන් බෙදන්න කියන්නේ ඔබතුමා බලයට ගේන්නත් සයිබර් අවකාශයේ කොටපු,
මම
- ජබොස්


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com