www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මවත් බිළිදාත් මරා ගෙවත්තේම පුච්චලා - වසර 06 කට පසු හෙළිවේ


2021-08-10 08:03:24 -  969 යි

තරුණ මවක හා ඇයගේ මාස 06 ක වයසැති සිගිති පුතා ඝාතනය කර සිරුරු ගෙවත්තේම පුළුස්සා දැමූ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් එම ද්විත්ව ඝාතනය සිදුවී වසර 06 කට පසු වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් 07 දා වව්නියාවේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  මෙසේ ඝාතනය කර තිබුණේ යාපනයේ පදිංචිව සිටි 23 හැවිරිදි පරමේෂ්වරම් සතින්චිතිකා සහ ඒ වන විටත් නමක් පවා තබා නොතිබූ මාස 6ක් වයසැති ඇයගේ සිගිති පුතාය.

තම දියණිය සහ ඇයගේ මාස 6 ක් වයසැති පුතා අභිරහස් ලෙස අතුරුදන්ව සිටින බව සචින්තාගේ මව හා පියා උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප දෙනකුගේ සහාය ඇතිව ජීනීවා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබිණි.

මෙම අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කිරිමෙන් පසු එම කොමිෂන් සභාව මෙම අභිරහස් අතුරුදන්වීම ගැන පොලිසියටද පැමිණිලි කර තිබේ.  අභිරහස් ලෙස අතුරුදන්ව  සිටි තරුණිය පරිහරණය කළ ජංගම දුරකථනය මෙම අතුරුදන්වීම සිදුවී වසර 5 කට පමණ පසු අනුරාධපුර පුද්ගලයකු ළග තිබී පොලිස් බාරයට ගෙන තිබිණි.  පොලිස් බාරයට ගත් එම ජංගම දුරකථනයේ අංක  ඔස්සේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම අභිරහස් අතුරුදන්වීම සම්බන්ධ  බවට සැලකෙන අයකු ගැන  තොරතුරු අනාවරණය වි තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරික්ෂණ පවත්වා ඇතත් සැකකරු සිටින ඉසව්වක් සොයා ගැනීමට එකල නොහැකි වූ බව පොලිසිය කියයි.

වවුනියාව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ විශේෂ උපදෙස් මත වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන  අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසංග  ඒකනායක මහතා ප්‍රධාන  පොලිස් කණ්ඩායමක් විසින්  දිගින් දිගටම කරන ලද පරික්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් වවුනියාව කොවිල්පුදුකුලම් 10 වැනි  පටුමගේ පදිංචි 28 හැවිරිදි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුගෙන් ප්‍රශ්න  කිරිමේදී 2015 අගෝස්තු මාසයේ 09 වැනිදා මෙම මව සහ සිඟිති දරුවා අතුරුදන්වීමේ අභිරහස පිළිබඳ සුළමුල  හෙළිකර ගැනීමට හැකිවිණැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.

පරමේශ්වරම් සතින්විතිකා නමැති තරුණිය සමග මෙම සැකකාර බස්  කොන්දොස්තරවරයා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන  ගොස් ඇති බවත් එම සම්බන්ධතාවය දුරදිග ගොස් තරුණිය ගැබ්ගෙන පසුව පිරිමි දරුවකු ප්‍රසූත කර ඇති බවත් පරික්ෂණවලදී හෙළිවූ බව පොලිසිය කියයි..   තමාව විවාහ කරගන්නා ලෙස ඇය දිගින් දිගටම බස් කොන්දොස්තරවරයාට ඇවිටිලිකර ඇතත් පසුව තරුණිය විවාහ කරගැනීමට දරුවාද කැටිව වවුනියාව පිහිටි ඔහුගේ නිවසට පැමිණෙන  ලෙස සැකකරු පැවසීම නිසා ඇය දරුවාද කැටුව වවුනියාවේ නිවෙසකට පැමිණ ඇතැයි  පොලිසිය පවසයි.  දරුවාද කැටුව ඇය නිවසට පැමිණීමෙන් පසු සැකකරු දෙදෙනාගේම ගෙල මිරිකා ඝාතනය කර සිරුරු  ගෙවත්තේම රහසිගතව පුළුස්සා දමා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු සියල්ල අනාවරණය වූ බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා  කීය.

මේ ද්විත්ව ඝාතනයෙන් මාස 02 ක පමණ කාලයකට පසු සැකකරු ඩුබායි රටේ රැකියාවකට ගොස් ඇති අතර 2017 වසරේ යලි මෙරටට පැමිණ වවුනියාව යාපනය අතර පෞද්ගලික මගී බස් රථයක කොන්දොස්තරවරයෙක්  ලෙස සේවය කරමින් රහසිගතව ජීවත්වී ඇති බව පොලිස් පරික්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබේ. ‍

විවාහ කර ගන්නා ලෙස තරුණිය තමාට නිතර නිතර කරදර කළ නිසා මෙවැන්නක් කළ බව සැකකරු පොලිසියට පවසා ඇති බවද කියති.  දියණිය හා ඇයගේ පුතා ඝාතනය කර පුළුස්සා දමා ඇති බව ඇයගේ මව්පියන්ටම පොලිසිය දැනුම්දී ඇති අතර තමන් වසර 6 ක පමණ  කාලයක් තිස්සේ සිතා සිටියේ තරුණිය හා දරුවා කිසියම්  ස්ථානයක ජීවත්වෙන බව යැයි ඔවුන් පොලිසියට පවසා ඇත.


වවුනියාව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ විශේෂ උපදෙස් මත වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් අසංග ඒකනායක   වසර 6කට පෙර ඝාතනය කොට පුළුස්සා සිරුරු කොටස් වළදැමූ පෙම්වතියගේ සහ මාස 06 බිලිඳාගේ සිරුරු කොටස් පෙරේදා (8) වවුනියාව වැඩබලන මහෙස්ත්‍රාත් ජේ. අරනන් මහතා ඉදිරියේදී කැනීම් සිදුකොට ගොඩ ගත්තේය.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය- 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com