www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරේ ගිය පුතු බේරා ගන්න මත්කුඩු විකුණු මව අත් අඩංගුවට.....තවත් හතරක් කොටු වෙයි....


2021-07-17 16:51:52 -  917 යි

මත්කුඩු ලග තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර සිටින තම පුතුට ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා හෙරෝයින් මත්කුඩු විකිනීමේ ජාවාරමක නිරත වු වැලිගම මිදිගම ප්‍රදේශයේ කාන්තාවක් හා ඇයගෙන් මත්කුඩු මිලදී ගත් බව කියන තරුණයින් සිව් දෙනෙකු පෙරේදා සැක පිට ප්‍රශ්ණ කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.

47 හැවිරිදි සැකකාර කාන්තාව සන්තකයේ තිබී හෙරෝයින් මත් කුඩු ග්රෑම් 102 ක් පොලීසිය සොයා ගෙන ඇත.

දැනට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල කල්ලි සාමාජික “මිදිගම හරක් කටා” නැමැත්තාගේ නිවස ආසන්නයේ ඇයගේ නිවස පිහිටා තිබෙන බවද දැනට රිමාන්ඩ් භාරයේ පසු වන ඇගේ පුත්‍රයා “හරක් කටා” ගේ මිතුරකු බව ද පොලීසිය සදහන් කරයි.

එම නිසා මෙම මත් ද්‍රව්‍ය ජාවාරමට “මිදිගම හරක් කටා “නැමැති සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකාර පුත්‍රයා මීට සති තුනකට පමණ පෙර මත් කුඩු සමග පොලිස් අත් අඩංගුවට පත් වන විට තවත් මත්කුඩු තොගයක් තම නිවසේ ටයිල් පොලොව යට වලක් හාරා සගවා තිබෙන බවද පසුව ඒවා ලබා ගෙන විකුණා තමා බේරා ගන්නා ලෙසට ඔහු මවට පවසා තිබෙන බවද පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව තම පුතු බේරා ගැනීම සදහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට සැකකාර මව පොලොව යට සගවා තිබු මත්ද්‍රව්‍ය පිටතට ගෙන විකුණා තිබෙන බව කියති.

ඇයගෙන් මත් ද්‍රව්‍ය මිලදී ගත් බව කියන තරුණයින් සිව් දෙනෙකු මිදිගම දී හා හල්ලල දී පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරෝයින් ග්රෑම් 15 යි මිලි ග්‍රෑම් 440 ක් සමගය.

ඒ අතරින් හෙරෝයින් ග්‍රෑම් 11 ක් ලග තබා ගෙන සිටි 21 හැවිරිදි සැකකාර තරුණයා හා ජාවාරම මෙහෙයවු කාන්තාව වැඩි දුර ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබුණි.

දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ උපදෙස් මත මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති අජිත් මෙන්ඩිස්,උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර, සැරයන්වරුන් වන 56615 සුනිල්,6403 වීරසිංහ, 55836 ක්‍රිෂාන්ත,37066 පතිරණ,කොස්තාපල්වරුන් වන 66649 ජනක,78926 සම්පත්,කාන්තා පොලිස් සැරයන් 1727 දිල්රුක්ෂී යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගී වූහ.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com