www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තුන් ලක්ෂයක මුදලට අන්තර්ජාලයෙන් දැරියව මිලට ගත් ‘පොළොන්නරුවේ’ කෝටිපති ව්‍යාපාරිකයෙකු හසුවේ


2021-07-04 09:34:29 -  918 යි

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර පහළොස් හැවිරිදි දැරියක අලෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ළමා හා කාන්තා කාර්යාංශය ලිංගික අපයෝජනය සඳහා එම දැරිය මුදලට ලබාගත් පොළොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්‍යාවියක ලෙස පවසමින් මෙම 15 හැවිරිදි දැරිය පොළොන්නරුවේ ව්‍යාපාරිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් තුන් ලක්ෂයක මුදලට බව විමර්ශනවලින් හෙළි වී තිබුණා.

එම මුදලින් ලක්ෂ එකහමාරක මුදලක් දැරියට ලබාදී ඇති අතර ඉතිරි රුපියල් ලක්ෂ එකහමාර මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු විසින් ලබාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.

පහළොස් හැවිරිදි දැරිය මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට චීවරධාරියකු ඇතුළු පුද්ගලයන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන සිටි අතර තවත් පුද්ගලයන් තිස්දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුවෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා පොළොන්නරුව ප‍්‍රාදේශීය සභාවේ සහ රාජ්‍ය ආයතනවල කොන්ත‍්‍රාත් ලබා ගන්නා ධනවත් ව්‍යාපාරිකයෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com